‘අශ්වින්ට ජඩේජාට අභියෝග කරන්න කැමතියි’..කුසල් බංගලාදේශයේදී කිව්ව කතාව මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 15, 2018

‘අශ්වින්ට ජඩේජාට අභියෝග කරන්න කැමතියි’..කුසල් බංගලාදේශයේදී කිව්ව කතාව මෙන්න

පාකිස්තානු සංචාරයේදී දැක්වු අසාර්ථක පිතිහරඹය හේතුවෙන් ඉන්දියානු කණ්ඩායම සමග පැවැති තරගාවලියට එක්වීමට නොහැකි වු කුසල් මෙන්ඩිස් අද ආරම්භ වු තුන්කොන් එක්දින තරගාවලියට සහ බංගලාදේශ කණ්ඩායම සමග මෙම තරගාවලිය අවසානයේදී පැවැත්වීමට ටෙස්ට් තරගාවලිය සදහා ශ‍්‍රි ලංකා සංචිතයට ඇතුළත් වී ඇත.

එසේ අහිමිවුණු ඉන්දීය තරගාවලිය පිළිබදව හා එළැඹෙන තුන්කොන් තරගාවලිය පිලිබදව බංගලාදේශ තරගාවලියට සහභාගී වී සිටින කුසල් ක‍්‍රීක් බස් වෙබ් අඩවිය සමග මෙසේ අදහස් දක්වා ඇත..

”මම ගොඩක් කැමැත්තෙන් හිටියේ ලෝකයේ අංක එකේ කණ්ඩායම වන ඉන්දියාව සමග ක‍්‍රීඩා කරන්න.මම කැමතියි රවිචන්ද‍්‍රන් අශ්වින් ,රවීන්ද‍්‍ර ජඩේජා වගේ පන්දුයවන්නන්ට ලංකාවේදී වගේ අභියෝග කරන්න..ඒත් මට ඒ අවස්ථාව මග ඇරුණා..මම පාකිස්තානු සංචාරයේදී ලකුණු ගත්තනම් මට ඉන්දියානු සංචාරයේදී අවස්ථාවක් ලැබෙන්න තිබුණා.

ගොඩක් සතුටුයි යලි කණ්ඩායමට එක්වෙන්න ලැබුණු එක ගැන..ජාතික සංචිතයෙන් ඉවත්වීමෙන් පස්සේ ක‍්‍රීඩා කළ පළමු පළමුපෙළ තරගයෙන්ම මට හැකිවුනා ලකුණු 174ක් ලබාගන්න.බංගලාදේශයේ ශ‍්‍රී ලංකා සංචාරයේදී පුලුවන් වුනා වගේ මේ සංචාරයේදීත් ලකුණු අතරට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

එම වෙඩ් අඩවිය සමග වැඩිදුරටත් අදහස් දැක්වු කුසල් හතුරුසිංහ ගෙන් ලැබුණු පුහුණුවීම් පිළිබදවද අදහස් දක්වා සිටියා.

”අලුත් පුහුණුකරුවාගෙන් ගොඩක් හොද උපදෙස් ලැබුණා.පසුගිය තරගවලදි පහරවල් තෝරාබේරාගැනීමේද ගොඩක් වැරදි වුනා.පුහුණුකරු කිවුවා මට මගේ පහරවල් වලට යන්න බය වෙන්න එපා කියලා .පසුගිය සිදුවු වැරද හදාගෙන තරගයට මුහුණදෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා”..  යැයි කුසල් පැවසීය

No comments:

Post a Comment

Post Bottom Ad