ව්‍යාපාරික බ්‍රයන් ෂෙඩ්ක් මහතාගේ හරස් ප්‍රශ්න ඇසීම අවසන් - මාධ්‍ය ඇසට නොගැටෙන ලෙස උදය ගම්මන්පිල උසාවිය සංකීර්ණයෙන් බැහැර වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 16, 2018

ව්‍යාපාරික බ්‍රයන් ෂෙඩ්ක් මහතාගේ හරස් ප්‍රශ්න ඇසීම අවසන් - මාධ්‍ය ඇසට නොගැටෙන ලෙස උදය ගම්මන්පිල උසාවිය සංකීර්ණයෙන් බැහැර වේ


ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂෙඩ්ක් මහතාට අයත්ව තිබු  පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලියන 4.1ක් ගම්මන්පිල මහතා විසින් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර විකිණීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඔ පළාත්බද මහාධිකරණයේ ගොනු කළ නඩුවේ අද (16) දින විශේෂ නඩු වාරයක් උසාවි අංක 2 දී මහාධිකරණ විනිසුරු ආර්.ආර් හෙයියන්තුඩුව මහතා පැවැත්විය.

බ්‍රයන් මහතාගෙන් විවිධ ඇටර්නි බලපත්‍ර හා රැස්වීම් වාර්තා කිහිපයක් පෙන්වමින් මෙහි අත්සන හා ඔහු සභාපති ලෙස 1997 ජුලි 24, 1997 අගෝස්තු මස,1997 ඔක්තෝම්බර් 10 දින ආදී දිනවල පැවති වාර්තා ලේඛන රැසක් පෙන්වූ අතර පැමිණිලි කරු ප්‍රකාශ කර සිටියේ මෙහි තිබෙන අත්සන් තමාගේ අත්සනට සමාන බවත්,තාම විසින් මෙවන් වාර්තා වලට අත්සන් නොකළ බවත් මෙහි දැක්වෙන සිසිර ජයසිංහ නම් පුද්ගලයා මා හමුවී නොමැති බවත් මෙම වාර්තා ව්‍යාජ වාර්තා බවත්,තමා රැස්වීම් වලට සභාපතිවරයකු ලෙස කිසිදු මොහොතක සහභාගී වී නොමැති බව සදහන් කළේය.

බ්‍රයන් මහතා තව දුරටත් ප්‍රකාශ කර සිටියේ, තමා විසින් මෙවැනි ආකෘති සහිත වාර්තා 70 අධික ප්‍රමාණයක් දැක ඇති බවත්, පොලිසිය ප්‍රශ්න කරන අවස්ථාවේදී තමා ඒවා දැක තිබෙන බවත්, මෙම වාර්තා වල ලේකම්වරයාගේ අත්සන සටහන් වී නොමැති බවද ප්‍රකාශ කළේය. ලසිත් පෙරේරාට ලබා දී තිබෙන ඇටර්නි බලපත්‍රය සම්බන්ධව විත්තියේ නීතිඥවරයා විසින්  බ්‍රයන් මහතාගෙන් විමසීමේදී ලබා දුන් පිළිතුරු පරස් පර විරෝධී යැයි ප්‍රකාශ කරමින් උසාවිය තුල මහා හඩින් කෑගැසීම තුලින් සොලිස්ටර් ජනරාල් වරයා නැගී සිටිමින් පවසා සිටියේ විත්තියේ නීතිඥවරයා අධිකරණය නොමග යවන බව ප්‍රකාශ කල අතර විනිසුරු වරා කියා සිටියේ සාක්ෂි කරු හිංසනය වන අන්දමින් ප්‍රශ්න නොකරන ලෙසත්, අනවශ්‍ය ලෙස කාලය මිඩංගු නොකරන ලෙසද, මේ නඩුව හේතුවෙන් නඩු 30 ආසන්න ප්‍රමාණයක් කල දැමීමට හේතු වී  ඇති මොහොතක තව දුරටත් මෙලෙස ක්‍රියා නොකරන බවත් ඉතා කෙටියෙන් ප්‍රශ්න ඇසීම සිදු කරන ලෙස නියෝග කළේය.

විත්තියේ නීතිඥවරයා විසින් බ්‍රයන් මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසීම තරමකට අවසන් කරන බව විනිසුරු ඉදිරියේ ප්‍රකාශ කල අතර නැවත නඩු විභාගය හෙට(17) දින පැමිණිලි පාර්ශවය හා විත්තියේ පාර්ශවයේ නීතිඥවරුන්ට ප්‍රශ්න කිරීමට අවස්ථාව ලබා දෙන බවත් හෙට සවස 2.00 ට දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරු ආර්.ආර් හෙයියන්තුඩුව මහතා විසින් තීන්දු කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad