ජනපතිගේ යෝජනාව ඒකාබද්දය පිලිගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 28, 2018

ජනපතිගේ යෝජනාව ඒකාබද්දය පිලිගනී

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මූලික කරගත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීමට ජනාදිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද යෝජනාව පිලිගන්නා බව ඒකාබද්ද විපක්‍ෂය සදහන් කරයි.

ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා සදහන් කරන්නේ අගැමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු එක්සත ජාතික පක්‍ෂ ඇමතිවරුන් එම ධුරයන්ගෙන් ඉවත් කරන්නේ නම් ජනාධිපතිවරයාගේ යෝජනාවට එකග වන බවයි.
ඉන් අනතුරුව පිහිටුවන නව ආණ්ඩුවේ භාරකාර ඇමති ධුරයන් ලබා ගැනීමටද සූදානම් බවද ඔහු සදහන් කරයි.
මේ අතර ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා සදහන් කරන්නේ නව ආණ්ඩුවේ අගමැති ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දිය යුතු බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad