ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ලෝක කුසලාන ක‍්‍රිකට් කණ්ඩායම හෑල්ලුවට ලක් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 12, 2018

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ලෝක කුසලාන ක‍්‍රිකට් කණ්ඩායම හෑල්ලුවට ලක් කරයි

ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ‍්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක‍්‍රිකට් කන්ඩායමට නිල අනුග‍්‍රාහකයෙකු සොයා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වෙළද අංශය අපොහොසත් වී ඇති බව වාර්තා වනවා. පසුගියදා පැවති තරගාවලි සඳහාද ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වුනේ අනුග්‍රාහකයෙකු නොමැතිවයි.

ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව මෙන්ම ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර පෙරමුනේ පසුවන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අනුග්‍රාහකයෙකු සොයා ගැනීමට නොහැකි වීමෙන් පිළිඹිඹු වන්නේ ක්‍රිකට් ආයතනයේ වෙළඳ අංශයේ නොහැකියාව බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙළඳ අංශයේ ලක්ෂ ගනනින් පඩි ගන්නා සේවක සේවිකාවන් රැසක් සේවයේ නිරතව වී සිටින අතර ඔවුන්ගේ සේවය පුටුවට පමණක් සීමා වී ඇති බවයි මින් පැහැදිලි වන්නේ.

ලෝක කුසලානයට එක්වන අන් සියලු කණ්ඩායම් අනුග්‍රාහකයන් සමගින් එක්වද්දි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ කමිසය මත කිසිදු අනුග්‍රාහකයෙකුගේ දැන්වීමක් සඳහන් නොවීමෙන් පෙන්නුම් කරන්නේ ක්‍රිකට් ආයතනයේ වෙළඳ අංශයේ ඇති බංකොලොත් භාවයයි. මේ හරහා ශ්‍රි ලංකා කණ්ඩායමට අගෞරවයක් වනවා සේම අනුග්‍රාහකයෙකු හරහා උපයා ගැනීමට තිබූ මිලියන ගණනක මුදලක් ක්‍රිකට් ආයතනයට අහිමිව යනවා.

මෙවැනි පරිසරයක ක්‍රියාත්මක වන ක්‍රිකට් ආයතනයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු කාලය එළඹ ඇති බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad