පොහොට්ටුවේ නායකයා මම නොවෙයි - මහින්ද කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 12, 2018

පොහොට්ටුවේ නායකයා මම නොවෙයි - මහින්ද කියයි

තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා නොවන බව හිටපු ජනාධිපති   මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ආණ්ඩුවට එරෙහි එකම බලව්ගය පොදුජන පෙරමුණ බැවින් ඊට සහාය දක්වන  බවයි බී.බී.සී. ලෝක සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහින්ද  රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ.

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ද මහින්ද රාජපක්ෂ මහතා  මෙහිදී අදහස් දක්වා සිටියා. 19 වන ව්‍යවස්ථා සංශෝධනය මෛත්‍රීපාල සිරිසේන මහතාට බල නොපාන්නේ නම්  තමාට මෙන්ම හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට  ද යළි ජනාධිපතිවරණයකට තරග කළ  හැකි බවයි මහින්ද රාජපක්ෂ මහතා  සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් එසේවුවහොත් යළි  ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නේ ද  යන්න පිළිබඳ මෙතෙක් තීරණය කර නොමැති බව ද ඔහු බී.බී.සී. ලෝක සේවයට  සඳහන් කර සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad