අද ඒකාබද්ධයේ පක්ෂ නායක රැස්වීමක් මහින්ද නිවසේදී. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 16, 2018

අද ඒකාබද්ධයේ පක්ෂ නායක රැස්වීමක් මහින්ද නිවසේදී.

වර්තමාන දේශපාලන කරුණු කිහිපයක් සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(16දා) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිලනිවසේදී පැවැත්වෙන  මෙම රැස්වීමේදී මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රගතිය,ජනපතිධූරය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය  ලබාදුන් තීන්දුව,ඉදිරි කාලය තුළදී ඒකාබද්ධ පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය සැලසුම් කළයුතු ආකාරය ඇතුළු කරුණු කිහිපයක් ගැන සාකච්ඡා කරන බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

මීට අමතරව බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව ජනාධිපතිවරයා අනුගමනය කළ ක්‍රියාමාර්ග,පසුගියදා පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගේ හැසීරීම සහකථානායකවරයා ක්‍රියාකළ අන්දම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි. අද සවස් කාලයේ පැවැත්වීමට නියමිත මෙම රැස්වීමට සහභාගි වන්නැයි  ඒකාබද්ධ විපක්ෂයේ සියලුම පක්ෂ නායකයන්ට සහ ප්‍රධාන වගකීම් උසුලන මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad