සුදු රෙද්ද ඇදගත් ගම්මන්පිල ව්‍යවස්ථාපිත ප්‍රකාශයේ 6 වන වගන්තිය විකෘති කරලා - බ්‍රයන් සාක්ෂි දෙයි.... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 17, 2018

සුදු රෙද්ද ඇදගත් ගම්මන්පිල ව්‍යවස්ථාපිත ප්‍රකාශයේ 6 වන වගන්තිය විකෘති කරලා - බ්‍රයන් සාක්ෂි දෙයි....


තමා විසින් ඇටර්නි බලපත්‍රයක් 3 වන පාර්ශවයක් විසින් උදය ගම්මන්පිලට ලබා නොදුන් බවත් උදය ප්‍රභාත් ගම්මන්පිල කවුද යන්න තමා දන්නා බවත් ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් මහතා විසින් අද (17) කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර්. හෙයියන්තුඩුව මහතා හමුවේ එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ප්‍රකාශ කළේය.

මිලියන විසි එකක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු අධි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල හා ව්‍යාපාරිකයින්ට එරෙහි නඩුව අද සවස 2.00 ට උසාවි අංක 2 දී පැවැත්විය.

අද දින සාක්කි කූඩ‍ුවේ සාක්කි දෙමින් බ්‍රයන් ෂෙඩික් මහතාගෙන් විත්තියේ නීතිඥවරයා විසින් හරස් ප්‍රශ්න ඇසීම සිදු කල අතර, එහිදී නැගු ප්‍රශ්නයකට පිළිතුරු දීමේදී ෂෙඩික් මහතා හා විත්තියේ නීතිඥවරයා අතර යම් වචනයක් හුවමාරු වීමෙන් සොලිස්ටර් ජනරාල් හා විත්තියේ නීතිඥවරයා අතර බහින් බස් වීම දුර දිග යාමෙන් විනිසුරුවරයා විසින් තම වෘත්තියේ තිබෙන ගරුත්වය ආරක්ෂා වන ලෙස හැසිරෙන ලෙසත් නැවත මෙවැනී සිදු වීමක් ඇති නොවිය යුතු බව දෙවන වරටත් නියෝග කළේය.

ලසිත් පෙරේරාට ලබා දුන් ඇටර්නි බලපත්‍රය හා ව්‍යවස්ථාපිත ප්‍රකාශය විත්තියේ නීතිඥවරයා විසින් බ්‍රයන් මහතාට පෙන්නු අතර එහි 6 වන වගන්තියේ සදහන් වන පරිදි බ්‍රයන් මහතා විසින් උදය ගම්මන්පිල බෞද්ධ ධර්මය සමග නියැලී සිටින නිසාත්, ඔහු ඉතා හොද තැනැත්තෙක් නිසා හිල්ටන් හෝටලයේදී ඒ අයට ඇටර්නි බලපත්‍රය ලබා දී තමන් ඔස්ට්‍රේලියාව වෙත නැවත ගිය බව එහි සදහන් වන බව පුල පුලා විත්තියේ නීතිඥවරයා විසින් ප්‍රශ්න කලද, බ්‍රයන් මහතා කියා සිටියේ තමන් එය පිළි නොගන්නා බවයි.

තවද, 2003 දක්වා වූ ලේඛන 70 වක පමණ තමාගේ අත්සන ව්‍යාජ ලෙස තබා තිබෙන බව  තමා දැක ඇති බවද ඔහු අධිකරණයදී සදහන් කළේය. විත්තියේ නීතිඥවරයා ඇතුළු නීතිඥ මඩුල්ල විසින් හරස් ප්‍රශ්න ඇසීම අවසන් කල අතර, පැමිණිලි පාර්ශවය විසින් පැය 2ක ප්‍රශ්න කිරීමක් සදහා නැවත දිනයක් ලබා ගත අතර ජනවාරි 26 දින උදැසන දක්වා නඩු විභාගය කල් දමන ලදී.

උසාවියේ වැඩ කටයුතු අවසන් වීමට පෙර සොලිස්ටර් ජනරාල් විසින් විත්තියේ නීතිඥවරයාගෙන් ඊයේ දින අධිකරණ ඉදිරියේ පෙන්වන ලද අධ්‍යක්ෂ මණ්ඩල වාර්තාවන් අඩංගු ලේඛන 4 තම වෙත ලබා දෙන ලෙස ප්‍රකාශ කලද, එය මේ අවස්ථාවේදී නොමැති බව ප්‍රකාශ කල අතර, නැවත නැවතත් එය ඉල්ලා සිටීම හේතුවෙන් විනිසුරුවරයාගේ නියෝග මත නොමැති බව පැවසු එම ලේඛන අකමැත්තෙන් වුවද ලබා දීමට සිදු විය.



No comments:

Post a Comment

Post Bottom Ad