විකිලීක්ස් කර්තෘ අසාන්ජ් වසර 5 1/2 කට පසු ඇප මත නිදහස් වන ලකුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 27, 2018

විකිලීක්ස් කර්තෘ අසාන්ජ් වසර 5 1/2 කට පසු ඇප මත නිදහස් වන ලකුණු

විකිලීක්ස් අන්තරජාල වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ලෝකකයට තර්ජනයක් වූ පසු අවුරුදු 7 ක් පමණ පැරණි ස්ත්‍රී දූෂණ චෝදනාවක් මුල් කරගෙන අත්අඩංගුවට පත්වූයේ 2012 වසරේදිය. ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ නිවස අඩස්සියේ තබමින් ඔහු පසුගිය අවුරුදු පහමාරක කාලය ගත කළේ
කිසිදු සාධාරණත්වයකින් තොරව බවට විවිධ සංවිධාන හඩ නගන ලදි.
ඔහුට එරෙහි පරීක්ෂණ නතර කරන බව ස්වීඩන් බලධාරීන් විසින් නිවේදනය කරනු ලැබීමෙන් අනතුරුව එම පරීක්ෂණ වෙනතක හැරුණ අතර ජුලියන් අසාන්ජ් ඔහුට එරෙහි දේශපාලන අරමුණු අනුව ගොතන ලද චෝදනා සම්බන්ධයෙන්

දිගින් දිගටම ට්විටර් පණිවිඩ තබමින් සටන කලේය. විකිලීක්ස් නිර්මාතෘවරයා මේ ආකාරයට රඳවා සිටීමට ලෝකයේ බටහිර නායකයින්ගේ අනුදැනුම ලැබී ඇති බව කියවිණි.
යුදමය සහ රාජ්‍යතාන්ත්‍රික සිය රහස්‍ය තොරතුරු ඇතුළත් ලිපිලේඛන දහස් ගණනක් 'විකිලීක්ස්' වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත්කරනු ලැබීම සම්බන්ධයෙන් ජුලියන් අසාන්ජ් ට එරෙහිව නඩු පැවරීම පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය සලකා බලමින් සිටි බවට වාර්තා පළවුවත් ඊයේ වාර්තා වූයේ ඔහුට අවුරුදු පහමාරකට පසු ඇප ලබාගැනීමට අවස්තාව උදාවී ඇති බවයි. ඔහුගේ නීතීඥයින් මාධ්‍ය වෙත දන්වා සිටියේ ඔහු වෙනුවෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත්කළ පෙත්සමට පිළිගැනීමක් ලැබීම මත ළඟදීම මෙම තීරණය දැනුම් දෙනු ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad