2017 දී මහින්ද පාර්ලිමේන්තු ආවේ දවස් 4යි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 11, 2018

2017 දී මහින්ද පාර්ලිමේන්තු ආවේ දවස් 4යි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගිය වසරටම පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ දින 4ක් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.  ඒ පසුගියදා පැවති ජන හමුවකට එක්වීමෙන් පසු මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න කිරීමකදීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“විශ්වාසභංගය දැන් කීපාරක් යෝජනා ගෙනාවද? , ගෙනාවම ඒ ගොල්ලෝ ජන්ද 40ක් විතර ගන්නවා, අපි ගන්නවා 160ක් විතර. ඉතින් තව ගෙනාවත් ඔච්චරයි. ගෙනල්ලා නිකන් වෙලාව කනවා. ජනතාවගේ සල්ලි. පාර්ලිමේන්තුවේ එක පැයකට කොච්චර කෝටි ගාණක් සල්ලි වියදම් වෙනවද? ඒවා නාස්ති කරන එක විතරයි ඔය කරන්නේ.


අභියෝගයක් නැහැ. ඒකාබද්ධ විපක්ෂය කියන්නේ ගේන දෝෂාභියෝග වලට ඒ ගොල්ලෝ අන්තිමට ජන්දේ විමසනකොට ඒගොල්ලන්ගේ නායකයත් නැහැ කවදාවත්. මම දැක්කේ නැහැ එක දවසකදිවත් එක ජන්දයකවත්  මහින්ද රාජපක්ෂ ඉන්නවා වාඩි වෙලා. ගිය අවුරුද්දටම ඇවිල්ලා තියෙන්නේ 4 පාරයි පාර්ලිමේන්තුවට.” 

No comments:

Post a Comment

Post Bottom Ad