කඩුලු 05 බැගින් අවස්ථා 12යි..දහය බැගින් 05යි…ප‍්‍රබල පන්දුයවන්නන් පරදා මාලින්ද ලෝකයෙන්ම එක වෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 1, 2018

කඩුලු 05 බැගින් අවස්ථා 12යි..දහය බැගින් 05යි…ප‍්‍රබල පන්දුයවන්නන් පරදා මාලින්ද ලෝකයෙන්ම එක වෙයි..

2017 වර්ෂයේ පළමු පෙළ කඩුලු ලබාගත් ක‍්‍රීඩකයින් අතර පළමු ස්ථානය ශ‍්‍රී ලංකවේ වමත් දග පන්දු යවන ක‍්‍රිඩක මාලින්ද පුෂ්පකුමාර හට හිමිව තිබෙනවා.මාලින්ද, චිලෝ මේරියන්ස් ක‍්‍රිකට් සමාජය ,ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් ඉනිම් 27කදී කඩුලු 115ක් දවා ගැනීමට සමත්ව ඇත.ඔහුගේ ඉනිමක හොදම පන්දු යැවිම ලකුණු 127කට කඩුලු 08ක් වන අතර තරගයක හොදම පන්දු යැවීම ලකුණු 205කට කඩුලු 13ක් වශයෙන් සටහන් වෙයි.



පන්දුවාරයකට ලකුනු ලබාදීමේ සාමාන්‍ය 2.87ක් වැනි ඉතාමත් අඩු අගයක් පවත්වාගෙන යාමට මාලින්ද සමත්වී ඇති අතර කඩුලු 05 බැගින් ලබාගත් අවස්ථා 12ක් සහ කඩුලු 10 බැගින් ලබාගත් අවස්ථා 05ක්ද සටහන් වෙයි. දෙවැනි ස්ථානය ඉනිම් 41කදී කඩුලු 102ක් දවා ගත් දකුණු අප‍්‍රිකාවේ සිමන්ස් රොස් හැමර් හට හිමිව තිබෙයි.

හැමර් එසෙක්ස් හා වොරියර්ස් කණ්ඩායම නියෝජනය කරමින් මෙම දස්කම දක්වා ඇති අතර ඔහුගේ ඉනිමක හොදම පන්දු යැවීම ලකුණු 95කට කඩුලු 09ක් ලෙසත් තරගයක හොදම පන්දු යැවීම ලකුණු 128කට කඩුලු 14ක් වශයෙන් සටහන් වෙයි. එම ලැස්යිතුවේ තෙවැනි ස්ථානය ඉන්දියනු කණ්ඩායමේ ප‍්‍රබල දගපන්දු යවන ක‍්‍රිඩක රවිචන්ද‍්‍රන් අශ්වින්ට හිමිව තිබේ.අශ්වින් ඉන්දියානු කණ්ඩායම , තමිල්නාඩු කණ්ඩායම හා වොස්ටෂියර් කණ්ඩායම් නියෝජනය කරමින් ඉනිම් 34කදී කඩුලු 87ක් බිද හෙළා ඇත.ඔහුගේ ඉනිමක හොදම පන්දු යැවීම ලකුණු 41කට කඩුලු 06ක් ලබා ගැනීමට වන අතර තරගයක හොදම පන්දු යැවීමට ලෙස සටහන් වන්නේ ලකුනු 125කට කඩුලු 08ක් දවා ගැනීමයි.



කෙසේ වෙතත් පළමු පෙල තරගවල සුපිරි දක්ෂතා දක්වමින් වසර ගණනක් පිට පිට ලංකාවේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වු වමත් දඟ පන්දු තරුව මාලින්ද පුෂ්ප කුමාර හට තවමත් ජාතික සංචිතයේ ස්ථානයක් වෙන්කර දීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් තවමත් අපොහොසත් වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad