TNA දෙදරයි - නව සන්ධානයට පක්ෂ කිහිපයක් එක්වන ලකුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 7, 2017

TNA දෙදරයි - නව සන්ධානයට පක්ෂ කිහිපයක් එක්වන ලකුණු

TNA දෙදරයි - නව සන්ධානයට පක්ෂ කිහිපයක් එක්වන ලකුණු
පසුගිය දිනයන්හි දෙමළ ජාතික සන්ධානය නොසිතූ අයුරින් කඩා වැටීමකට ලක් වුයේ එහි පක්ෂ කිහිපයක් ඉවත්වී නව සන්ධානයක් වශයෙන් ඉදිරි මැතිවරණයන් වෙනුවෙන් තරග කිරීමට තීරණය කිරීමත් සමගය. කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ පක්ෂ සියල්ලක්ම මේ වන විට ‘දෙමළ විමුක්ති සන්ධානය’ වශයෙන් සන්ධාන ගත වී සූර්යාගේ ලකුණින් ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට තීරණය කොට ඇත.

නව සන්ධානය ආනන්ද සංගරීගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය ආරම්භ කොට ඇති අතර ඉදිරියේදී පුනරුත්තාපන හිටපු එල්.ටී.ටී. සාමාජිකයින් රැසක් මෙන්ම ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රස් පක්ෂයද එක්වමට ඉඩ ඇති අතර තවද ටෙලෝ සංවිධානය හා ප්ලොට් සංවිධානයද නව සන්ධානයට එක් වීමට බොහෝ ඉඩ කඩ ඇති බවට නව සන්ධානයේ සාමාජික සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කොට ඇත.

දෙමළ ජාතික සන්ධානයෙන් පක්ෂ ඉවත් වීමට බලපෑ ප්‍රධාන හේතු වී ඇත්තේ බලයෙන් වැඩි පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය විසින් 80% ක් වූ ආසන අනුපාතයක් ඉල්ලීමත් සෙසු සුළු පක්ෂ වෙතට 20% ක් වූ අනුපාතයත් සඳහා ආසන වෙන් කිරීමමේ තීරණයත් සමගය. දෙමළ ජාතික සන්ධානයෙන් පළමුව ආනන්ද සංගරීගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ඉවත් වූ අතර පසුව සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය ඉවත් වූ අතර ඊයේ (06 ) රාත්‍රිය වන විට ටෙලෝ සංවිධානයද ඉවත් වීමට තීරණය කොට ඇති අතර එය ටෙලෝ සංවිධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන්ද අනුමත කර ඇති බවට වාර්තා වෙයි.

නමුත් දෙමළ සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා වෙතට නිල වශයෙන් මේ බව දැනුම් දී නොමැත. දෙමළ ජාතික සන්ධානයට එක්වූ අනෙක් පක්ෂය වූයේ ප්ලොට් සංවිධානයයි. මේ වන විට ප්ලොට් සංවිධානයටද ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය සමග ගැටලු රැසක් මතුවී ඇති අතර ඔවුන්ද ඉවත් වීමට බොහෝ ඉඩකඩ ඇති බවට එම පක්ෂයේ සාමාජිකයින් කියා සිටිති. දෙමළ ජාතික සන්ධානය සන්ධානගත වූ පක්ෂ පහෙන් පක්ෂ තුනක්ම ඉවත් වී ඇති අතර ඉදිරියේදී ප්ලොට් සංවිධනයද ඉවත් වුවහොත් ඉතිරි වන්නේ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය පමණයි.

මේ අනුව ඉලංගෙය තමිල් අරුසකච්චි පක්ෂයට පුනරුත්තාපන හිටපු එල්.ටී.ටී. සාමාජිකයින්ගෙන් සැදුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂය හා දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයද එක් වීමට තීරණය කොට ඇති බවට වාර්තා වෙයි. උතුරු නැගෙනහිර බලය පැතිරූ දෙමළ ජාතික සන්ධනයට ඉදිරි මැතවරණයේදී ප්‍රභල අභියෝගයක් නව සන්ධානයෙන් එල්ල වනු ඇති බවට උතුරේ බොහෝ දෙනෙකු මත පල කර සිටි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad