ආදරේ කරපු පළවැනි පුද්ගලයා ‍නෙවෙයි ප්‍රථම ප්‍රේමය කියන්නේ මුලින්ම හිතට දැනුණු ආදරය අමතක කරන්න අමාරුයි - Rithu Akarsha - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 11, 2017

ආදරේ කරපු පළවැනි පුද්ගලයා ‍නෙවෙයි ප්‍රථම ප්‍රේමය කියන්නේ මුලින්ම හිතට දැනුණු ආදරය අමතක කරන්න අමාරුයි - Rithu Akarsha

ආදරේ කරපු පළවැනි පුද්ගලයා ‍නෙවෙයි
ප්‍රථම ප්‍රේමය කියන්නේ
මුලින්ම හිතට දැනුණු ආදරය
අමතක කරන්න අමාරුයි

අපි ආදරය කරන්නේ
විභාග ලියනවා වගේ නමෛයි
රිතූ ආකර්ෂා

නිතරම සිය රංගනය, නිවේදනය හරහා රූපවාහිනී තිරයෙන් අපි අතරට එන ජනප්‍රිය රංගන ශිල්පිනී රිතූ ආකර්ෂා මෙවර රිවිසරසියත් එක්ක එකතු වුණා. හැබැයි ඒ රංගනය හෝ නිවේදනය ගැන කතා කරන්න නම් ‍නෙවෙයි, ආදරේ ගැන කතා කරන්නයි.

ආදරේට නිර්වචනයක් දෙන්න?
ආදරේ කියන වචනේ හරි සුන්දරයි. පුංචි කා‍ලේ ඉඳන් බැලුවම ආදරේ කියන වචනෙට දෙන්න පුළුවන් නිර්වචන ගොඩක් තියෙනවා. මොකද කාලයත් එක්ක ඒ ඒ කාලෙට ලබන ආදරේ නිර්වචනය වෙන්නේ විවිධ ආකාරයට.

මුලින්ම ආදරේ හිතට දැනෙනකොට වයස කීයද?
මුලින්ම ආදරය මට දැනුණේ උසස් පෙළ කරන කාලෙදි.

පාසල් ප්‍රේමයේ මතකයන් මොනවාද?
පාසල් ප්‍රේමය හරි සුන්දරයි. යාළුවන්ට, ගෙදර අයට දැනෙන්නේ නැතිවෙන්න ආදරේ කරපු ඒ කා‍ලේ ගොඩක් සුන්දරයි.

ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බැරි බව ඇත්තද?
මම දකින ප්‍රථම ප්‍රේමය නම් අපිට හිතට දැනුණු ආදරය. මුලින්ම හිතට දැනුණු ආදරය අමතක කරන්න අමාරුයි. ආදරේ කරපු පළවැනි පුද්ගලයා ‍නෙවෙයි, ප්‍රථම ප්‍රේමය කියන්නේ. මුලින්ම හිතට දැනුණු කෙනාගේ ආදරයයි ප්‍රථම ප්‍රේමය කියලා කියන්න පුළුවන්.

පෙම්වතකුගෙන් මුලින්ම ලැබුණු තෑග්ග මොකක්ද?
මුලින්ම ලැබුණු තෑග්ග නම් මතක නෑ.

ලැබුණු වටිනාම තෑග්ග මොකක්ද?
ආදරේදි ලැබෙන වටිනාම තෑග්ග ආදරේම තමයි.

ආදරය මුලින්ම ප්‍රකාශ කළ යුත්තේ පිරිමි ළමයද?
සාමාන්‍යයෙන් නම් ඉස්සර වුණේ එහෙමයි. මුලින්ම පිරිමි ළමයා තමයි ගැහැනු ළමයාගෙන් ආදරේ ගැන අහන්නේ. ඉතින් මම හිතන්නේ අදටත් එහෙම ආදරේදි පිරිමි පාර්ශ්වය ඉස්සරවෙලා ආදරය ප්‍රකාශ කරනවා නම් හොඳයි.

ඔබට වඩා වයසින් ළාබාල කෙනෙක්ට ආදරේ කරලා තියෙනවාද?
නෑ, මට වඩා වයසින් අඩු කෙනෙක් ගැන ආදරේ හිතිලා නෑ ඇත්තටම.

ඔබ කාට හරි මුලින්ම ආදරය ප්‍රකාශ කරලා තියෙනවාද?
මම මුලින්ම ආදරෙයි කියලා කියන්න ගිහින් නෑ.

ඔබ වශී වෙන්නේ පිරිමි ළමයෙක්ගේ මොන වගේ ගතිගුණවලටද?
ගොඩක් හොයලා බලනවට, නිතරම කතා කරනවට මම කැමතියි. දෙන්නට දෙන්නා යාළුවෝ වගෙ ආදරේ කරන ප්‍රේම සම්බන්ධයකට මම ගොඩක් කැමතියි.

ජනප්‍රිය නළුවෝ කීදෙනෙක්ට ආදරේ කරලා තියෙනවාද?
කිසිම නළුවෙක් එක්ක මේ වෙනකම් යාළුකම ඇරෙන්න කිසිම වෙන සම්බන්ධයක් තිබිලා නෑ.

ආදරේ ඇතුළේ රාගයට ඔබ වෙන් කරන ඉඩ ප්‍රතිශතය කොපමණද?
ආදරේට රාගය අවශ්‍ය නෑ. රාගය නැතිව ආදරේ හරි ලස්සනයි. කතාබහ කරලා විතරක් ගොඩක් හොඳින් සබඳතා පවත්වාගෙන යන ආදර කතා ඕන තරම් තියෙනවා. මම හිතන්නේ ආදරේට අවශ්‍ය ආදරේම විතරයි. රාගය ‍නෙවෙයි. හරියට ආදරේ කරනවා නම් අතින්වත් අල්ලන්නේ නැතිව ආදරේ කරන්න පුළුවන්.

ඔහු ඔබට ආදරේට කියන නම මොකක්ද?
ආදරේ කියන්නේ ප්‍රසිද්ධ සමාජයට කියන්න ඕන දෙයක් ‍නෙවෙයි. පෞද්ගලිකත්වය ගොඩක් වැදගත් ආදරේ ගැන කතා කරනකොට. ඉතින් මම හිතනවා ඒ නිසා ඒ දේවල් අපිටම විතරක් සීමා වුණොත් හොඳයි කියලා.

ඔබ ඔහුට ආදරේට කියන නම මොකක්ද?
එතැනදිත් එහෙමම තමයි. ආදරේදි ඒ වගේ සියුම් දේවල් අපිටම විතරක් සීමාවෙලා තියෙන තරමට හොඳයි.

විරහව කී වතාවක් විඳලා තියෙනවාද?
මම විරහව විඳලා නෑ. විවිධ නොගැළපීම් මත කතාබහ කරලා දෙන්නම හොඳින් වෙන්වුණු අවස්ථා තියෙනවා. ඒ නිසා මම විරහවක් විඳලා නෑ.

ප්‍රේමය විවාහයෙන් කෙළවර වෙනවාද?
ආදරේ කරන් පටන් ගත්තම මුලින්ම ඇතිවෙන්නේ ආසාව. ඉතින් පස්සේ තමයි ආදරේ ගොඩනැගෙන්නේ. සමහර අවස්ථා තියෙනවා ආදරේ කරලා විවාහ වෙන අවස්ථා. ඉතින් ඒක තමයි ගොඩක් දික්කසාද දක්වා යන්න හේතුවක් වෙලා තියෙන්නේ. ආදරේ කළා නම් ඇත්තටම ඒ ආදරේ කවදාවත් නැති වෙන්නේ නෑ. ආදරේ හැමදාම අලුත් වෙනවා.

පෙම්වතා නිතරම වැඩිමල් වෙන්න ඕනද?
ආදරේට එහෙම සීමා නියමයන් නෑ. වයස ගැන හොයලා බලලා විභාගයක් ලියනවා වගේ ‍නෙවෙයි අපි ආදරේ කරන්නේ. ආදරේ කියන්නේ හැඟීමක්. එතැනදි වයස ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නෑ.

ඔබ තරහා වුණාම ඔහු ඔබව යාළු කරගන්නේ කොහොමද?
මම නම් තරහව දිගටම හිතේ තියාගෙන ඉන්න කෙනෙක් ‍නෙවෙයි. ඒ හින්දා ඉක්මනටම මාව ආයෙත් යාළු කරගන්න පුළුවන්.

අප්‍රකාශිත ආදර කතා කීයක් ඔබේ ජීවිතේ තියෙනවාද?
එහෙම අප්‍රකාශිත එක ආදරයක් තියෙනවා.

දැන් ඔබගේ සිහින කුමාරයා මුණගැහිලද ඉන්නේ?
දැනට නම් එහෙම සිහින කුමාරයෙක් මුණගැහිලා නැහැ.

නඳුනි ආරියවංශ

No comments:

Post a Comment

Post Bottom Ad