මිනිසෙකු නැවත සඳට යවන්න - ට්‍රම්ප් NASA ආයතනට කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 12, 2017

මිනිසෙකු නැවත සඳට යවන්න - ට්‍රම්ප් NASA ආයතනට කියයි

මිනිසෙකු නැවත සඳට යවන්න 
- ට්‍රම්ප් NASA ආයතනට කියයි

සඳ මතට නැවතත් මිනිසකු යැවීම සඳහා සැලසුම් සකස් කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් NASA ආයතනයට දන්වා තිබේ. අඟහරු ග්‍රහයා වෙත මිනිසකු යැවීම සඳහා මූලික අඩිතාලම දමන අරමුණ ඇතිව මෙම කටයුත්තට එළඹිය යුතු යයි ධවල මන්දිරය සඳහන් කර ඇත. 

මේ බව නිවේදනය කරන ලද්දේ ධවල මන්දිර ප්‍රකාශක හෝගන් ගිඩ්ලි විසිනි. මිනිසකු පළමු වරට සඳ මත ගොඩ බැස්සේ 1969 ජූලි මාසයේදිය. ඒ නීල් ආම්ස්ට්‍රෝං ය. ඔහුට පසු එඩ්වින් ඕල්ඩ්‍රිං ද සඳ මත ගොඩ බැස්සේය. ඔවුන් ගමන් ගත්තේ ඇපලෝ 11 මෙහෙයුම යටතේයි. ඇපලෝ 12, ඇපලෝ 14, ඇපලෝ 15, ඇපලෝ 16 සහ ඇපලෝ 17 යන මෙහෙයුම් මගින් තවත් අභ්‍යාවකාශගාමීන් දෙදෙනා බැගින් සඳ මත ගොඩ බැස තිබෙනවා. 

ඇපලෝ 13 මෙහෙයුම අසාර්ථක වුණ අතර එය ආපසු හරවාගෙන අවේය. මිනිසකු අවසන් වරට සඳ මත පය තැබුවේ 1972 දි. ඉන් පසු කිසිදු අයකු සඳ මත පා තබා නැත​. ඉතිහාසයේ සඳ මත පා තැබූවන් 12 දෙනාම ඇමරිකානුවන් වීමත් විශේෂත්වයකි.

No comments:

Post a Comment

Post Bottom Ad