Exclusive : එජාප-ඒකාබද්දය එක්වී ආණ්ඩු කරන්න සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 7, 2017

Exclusive : එජාප-ඒකාබද්දය එක්වී ආණ්ඩු කරන්න සූදානම්..

එක්සත් ජාතික පක්‍ෂය සමග වුවද එකතු වී පළාත් පාලන ආයතනයන්හි බලය හිඑිටුවීමට ඒකාබද්ද විපක්‍ෂය සූදානම් බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්ව මැතිවණයට තරග කිරීමට සූදානමක් නැති බවත් ජනතාව කියන්නේ කිසිසේත්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්ව තරග නොකල යුතු ලෙස බවත් මන්ත‍්‍රිවරයා සදහන් කරයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාම නිල නිවසේ පැවති සාකච්චාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

නමුත් මැතිවණයට තරග කිරීමෙන් පසු සභාවන්හි බලයි පිහිටුවීම සම්බන්දයෙන් යම් ගැටළුවක් ඇති වුවහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග මෙන්ම එක්සත් ජාතික පක්‍ෂය සමගද එක්ව කටයුතු කිරීමට සූදානම් බවද කී මන්ත‍්‍රීවරයා එවන් පාලනයක් සදහා කොන්දේසි පැනවෙනු ඇති බවද පැවසීය. මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා සදහන් කරන්නේ ආණ්ඩුවෙන් ඉවත් වී එන්නේ නම් ශ‍්‍රිලනිපය සමග සන්ධානගත වීමට සූදානම් බවයි.

එසේ නොවන්නේ නම් ස්ථිර වශයෙන්ම ඉදිරි මැතිවණයේදී ඒකාබද්ද විපක්‍ෂය තනිව තරග කරන බවද ඔහු සදහන් කරයි. ආණ්ඩුව සමග එක්ව සිටින මොකාට වුවද විපක්‍ෂ දේශපාලන වේදිකාවේදී තමන් බැන වදින බවද මන්ත‍්‍රීවරයා සදහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad