රට පාවා දුන් අය ගම කන්නත් ඡන්දෙ ඉල්ලා හිඟා කනවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 14, 2017

රට පාවා දුන් අය ගම කන්නත් ඡන්දෙ ඉල්ලා හිඟා කනවා

ජනතාවගේ සම්පත් චීනයට විකුණා අගමැතිවරයා සතුට සමරන්නේ මාතෘ භූමියේ මළගම පෙනි පෙනී යැයි ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ ජනසෙත පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසූහ.

වත්මන් යහපාලන ආණ්ඩුව රටේ සම්පත් විකුණමින් රට අගාධයට ගෙන
යෑම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම පිණිස මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

උන්වහන්සේ මෙසේද පැවැසූහ.

ලෝකයේ ඕනෑම රටකට ව්‍යාපාරයක් කිරීම සඳහා යන නියෝජිතයන් මුදල් රැගෙන යා යුතුයි. ඒත් අපේ රට නිදහස ලද දිනයේ පටන් මේ දක්වා සංවර්ධනය වෙමින් පවතින රටක් වුණත් බලවත් රටවල අයත් මෙහෙ ඇවිත් ආයෝජන කරන්නේ ගිවිසුම් ගහන්නෙ ඒ අපේම බැංකුවලින් ඔවුන්ට ණය දෙන නිසා. ව්‍යාපෘතිය පාඩු වී ඔවුන් රට හැර ගියොත් පාඩුව අපි විඳ දරා ගත යුතුයි.

හම්බන්තොට වරාය ඩොලර් මිලියන 292කට චීනයට විකුණා­ අගමැතිවරයා ආයෝජකයන් සමඟ සමූහ සේයාරූවලටත් පෙනී සිටිමින් රටේ ජනතාවගේ දැඩි දෝෂාරෝපණයට ලක්වී ඉවරයි. රට බේරා ගන්න කියා බලයට පත්වී වසර 3ක් ඇතුළත මේ රට කා දැමූ යහපාලනය නොහොත් යමපාලන ආණ්ඩුව දැන් අකුළාගෙන ගෙදර යා යුතුයි. හම්බන්තොට වරාය චීනුන්ට විකිණීමෙන් 85% චීනෙට ඉතිරි 15%අපිට. ඇයි මේ රටට මේ විදියෙ මෝඩ ගිවිසුම් ගහලා රට පවා දෙන්නේ. 

බැරිනම් පුළුවන් කෙනෙකුට දිලා යන්න පුළුවන්නේ. බලයට ඇති තණ්හාව නිසයි 29 වතාවක් පැරදුණු රනිල් නිකන්ම උඩින් පාත්වෙලා අගමැති පුටුවට ඇවින් දැන් රට විනාශ මුඛයට දමා ඉවරයි. අම්පාර සීනි කර්මාන්තශාලාව, මත්තල ගුවන්තොටුපොළ, සූරියවැව ක්‍රීඩාංගණය, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි මේවත් හෙට අනිද්දා චීනෙටම දෙයි. එතකොට අපේ රට ඉන්දියන් සාගරයේ මුතු ඇටය නොවෙයි. චීන කොලනියක් වෙනවා.

රට පාවලා දීපු මේ උදවිය දැන් ගම කන්නත් ඡන්දෙ ඉල්ලා හිඟා කනවා. මෙදා පාර කවුරුවත් රැවටෙන්නේ නම් නෑ. පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා නීතියක් ගෙනාවා මැති ඇමැති මන්ත්‍රිලගෙ නෝනලා, දුවලා, සහෝදරියෝ පුංචි ඡන්දෙට ඉදිරිපත් කරන්න එපා කියලා. ඒත් මේ වෙන කොට වෙලා තියෙන්නෙත් ඒකමයි. මං කොමසාරිස් තුමාගෙන් ඉල්ලා සිටිනවා වහාම මේ ගැන සොයා බලන්න තවත් පවුල් දේශපාලනයකට ඉඩ දෙන්න එපා කියලා.

කැලණිය - කුසුම් එස්. හැන්නදි


No comments:

Post a Comment

Post Bottom Ad