වීර කුමාරට, ශ්‍රියානිට හෙට නියෝජ්‍ය ඇමතිකම්. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 11, 2017

වීර කුමාරට, ශ්‍රියානිට හෙට නියෝජ්‍ය ඇමතිකම්.

පසුගියදා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්වූ වීරකුමාර දිසානායක මහතා සහ ශ්‍රියානි විජේවික්‍රම මහත්මියට හෙට(11දා)  දිනයේ නියෝජ්‍ය අමාත්‍යධුර ලබා දීමට නියමිතය.

වීර කුමාර දිසානායක මහතාට නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබා දීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුලින් යෝජනා කර තිබුණ ද වීරකුමාර දිසානායක මහතා එය ප්‍රතික්ෂේප කර ඇති අතර පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය  සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය සමඟි කර වීමට මේ දෙදෙනාම මීට පෙර ඉමහත් උත්සාහයක් දැරූ අතර එය ව්‍යවර්ථ වීම හේතුවෙන් ඔවුන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක් වීමට කටයුතු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad