පෞද්ගලික රෝහල් නියාමන ගැසට් පත්‍රය ලබන පෙබරවාරි මාසයේ දී ප්‍රකාශයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 18, 2017

පෞද්ගලික රෝහල් නියාමන ගැසට් පත්‍රය ලබන පෙබරවාරි මාසයේ දී ප්‍රකාශයට

පෞද්ගලික රෝහල් නියාමන ගැසට් පත්‍රය ලබන පෙබරවාරි මාසයේ දී ප්‍රකාශයට
පෞද්ගලික රෝහල් නියාමනය කිරීමට අදාල ගැසට් පත්‍රය 2018 පෙබරවාරි මාසයේ දී ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

කේ.පී.එම්.ජී නම් ජාත්‍යන්තර ආයතනය මගින් සකස් කරන ලද පෞද්ගලික රෝහල් නියාමන වාර්තාව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික රෝහල් නියාමන සභාව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය අධ්‍යයනය කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම වාර්තාවට පෞද්ගලික රෝහල් සහ සෞඛ්‍ය ආයතන 144 ක දත්ත ලබාගෙන ඇත. ශල්‍යකර්ම, වෛද්‍ය ප්‍රතිකාර සේවා, ඖෂධ ලබාදීම සහ අනිකුත් සියලුම සේවාවන් මෙහිදී නියාමනය කිරිමට නියමිතය. 

ඇතැම් රෝහල්වල අධික මිල ගණන් යටතේ එම සේවාවන් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. ඒ අනුව කිසියම් ප්‍රතිශතයකට මිල නියාමනයක් සිදු කරන අතර, එය සකස් කිරීමෙන් පසු පෞද්ගලික රෝහල් සංගමය දැනුවත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබේ. ඉන් පසු පෙබරවාරි මාසයේ දී පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමට නියමිතය. 

No comments:

Post a Comment

Post Bottom Ad