මැතිවරණ කටයුතු භාර නව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 6, 2017

මැතිවරණ කටයුතු භාර නව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න

මැතිවරණ කටයුතු භාර නව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න
සී.ඩී. චන්දන වික්‍රමරත්න මහතා මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ. ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇති බව වාර්තා වෙයි.

සී.ඩී.වික්‍රමරත්න මහතා පරිපාලන කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන අතර එම තනතුරට අමතරව ඔහු මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද පත්කර ඇති බව සඳහන්ය. මීට පෙර මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ගාමිණී නවරත්න මහතා පසුගියදා විශ්‍රාම ගනු ලැබීය. 

No comments:

Post a Comment

Post Bottom Ad