නෙළුම් කුළුණ කොළ පාටින් දල්වයි.. පුංචි ඡන්දය වෙනුවෙන්ලු… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 16, 2017

නෙළුම් කුළුණ කොළ පාටින් දල්වයි.. පුංචි ඡන්දය වෙනුවෙන්ලු…

කොළඹ නගරය මධ්‍යයේ ඉදි වෙමින් ඇති නෙළුම් කුළුණේ ආලෝකය හදිසියේම කොල පැහැයෙන් දල්වා ඇති බව සමාජ ජාලාවන්හි පින්තූර සංසරණය වෙමින් ඇත.

මෙතෙක් එය පැවතියේ නෙළුම් මලක වන් ලා රත් පැහැ ආලෝකයකි. මෙය හදිසියේ කොල පැහැයට හැරී ඇත්තේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් විය හැති බවටද මත පලවෙමින් ඇත. ලෝකයේ කොළ පැහැයෙන් පිපී ඇති එකම නෙළුම් මල මෙය විය යුතු අතර එය ගිනස් වාර්තාවක්ද විය හැක.

ශ‍්‍රී ලංකාවේ සන්නිවේදන ක්‍ෂෙත‍්‍රයේ සියළුම කටයුතු පාහේ පාලනය කල හැකි ලෙස නෙළුම් කුළුණ ඉදිවන්නේනේ දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ලද වෙමිනි. කොළඹ හැරුණු කොට බස්නාහිර, මධ්‍යම, වයඹ, සබරගමු, දකුණ පළාත්වල බටහිට බෑවුමේ පිහිටි බොහෝ ප‍්‍රදේශයන්ට රාත‍්‍රී කාලයේදී නෙළුම් කුළුණ දිස්වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad