පරාජයේ වැලට තිත තබමින් ඉන්දියාව පරදා ලංකාවට විශිෂ්ඨ ජයක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 10, 2017

පරාජයේ වැලට තිත තබමින් ඉන්දියාව පරදා ලංකාවට විශිෂ්ඨ ජයක්..

සුරංග ලක්මාල්ගේ විශිෂ්ට පන්දුයැවීමත් උපුල් තරංගගේ සුපිරි පිතිහරඹයත් හේතුවෙන් අඛණ්ඩව ලැබු තරග 12 පරාජයන් වැලට තිත තබමින් ඉන්දියාවට එරෙහි ධර්මසාලාහීදී පැවැති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ ප‍්‍රථම තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම අද(10) සමත් විය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 113ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිස ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20යි පන්දු 04කදී සිය ජයග‍්‍රහණය සපුරා ගත් අතර එහිදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රිඩා කළ උපුල් තරංග පන්දු 46කදී හතරේ පහර 10ක් සමගින් ලකුණු 49ක් ලබා ගත්හ.

උපුල් තරංග ලකුණු 11ක් තිබියදී ජස්ප‍්‍රීත් බුම්රා එවු පන්දුවකට දිනේෂ් කාර්තික් අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියත් තෙවැනි විනිසුරු විසින් පුනරූපණ නැරඹීමේදී බුම්රාගේ පාදය සීමා ඉරට පිටතින් පතිත වීම හේතුවෙන් උපුල් ට තවදුරටත් කඩුල්ලේ රැදී සිටිමට වාසනාව හිමිවිය.

තරංග දැවී යාමෙන් අනතුරුව ස්ථාවර ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැුගෙන යාමට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් (25) සමත් වු අතර දික්වැල්ල (26) සමගින් එක්ව සිව්වැනි කඩුල්ල සදහා නොදැවුණු ලකුණු 49ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් විය. පන්දු 42කදී වාර්තා වු මැතිව්ස්ගේ ඉනිම හතරේ පහර 05කින් අලංකාර වී තිබුණු අතර පන්දු 24කදී වාර්තා වු දික්වැල්ලගේ ප‍්‍රහාරාත්මක ඉනිමට  හතරේ පහර 05ක් ඇතුළත් විය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මුලු ලකුණු සංඛ්‍යාවට ලකුණු 07ක් එක් වෙද්දී පළමු කඩුල්ල ලෙස ධනුෂ්ක ගුණතිලකත් (1) තවත් ලකුණු 12ක් එක් වෙද්දී දෙවැනි කඩුල්ල ලෙස ළහිරු තිරිමාන්නත් (0) දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනයක් ඇති කිරීමට ඉන්දිය වේගපන්දු යවන්නන් වන ජස්ප්‍රීට් බුම්රා සහ බුවනේෂ්වර් කුමාර් සමත්වූහ.

ශ‍්‍රී ලංකාවේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියානු කණ්ඩායමට පන්දුවාර 38.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 112ක් පමණි. සිය 67වැනි එක්දින අර්ධ ශතකය රැස් කරමින් ඉන්දිායනු කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වු මහේන්ද‍්‍ර සිං දෝනි හුදකලා ඉනිමක් ක‍්‍රීඩා කරමින් ලකුනු 65ක් ලබාගනිමින් අසරණ වී සිටි ඉන්දියානු ඉනිමට යම් බලාපොරොත්තුවක් එක්කිරීමට සමත් වු අතර ඉන්දියානු කණ්ඩායම ලකුණු 29කට කඩුලු 07ක් දැවී අසීරු තත්වයක සිටියදී කුල්දීප් යාදව් සමගින් එක්වෙමින් 08වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 41ක සම්බන්ධතාවක්ද, යුෂ්වේන්ද‍්‍රන් චහාල් සමග එක්ව 10 වැනි කඩුල්ල සදහා ලකුණු 25ක සම්බන්ධතාවක් ද ගොඩනැංවීය.

අවසන් කඩුල්ල ලෙස දෝනි දැවී යන විට පන්දු 86කට මුහුණ දෙමින් හයේ පහර 02කින් හා හතරේ පහර 10කින් ඉනිම අලංකාර කර තිබුණි. ලකුණු ලබාගනීමට ප්‍රථම ඉන්දිය කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ශිකර් ධවාන් පිටියෙන් ඉවත් කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්විය. දෙවැනි ඕවරයේ අවසන් පන්දුවේදී ශිකර් ධවාන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීම සදහා ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු පන්දු රකින්නන් ඉල්ලීමක් කළද ප්‍රධාන විනිසුරු එය ප්‍රතික්‍ෂේප කළේය.

එම තීරණය සම්බන්ධයෙන් සැහිමකට පත්නොවූ නායක තිසර පෙරේරා විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය. පුනරූපණ නැරඹූ තෙවැනි විනිසුරු විසින් පන්දුව කඩුල්ලේ වදින ආකාරයක් දිස්වීම හේතුවෙන් ප්‍රධාන විනිසුරුගේ තීරණය ඉවත දමමින් ශිකර් ධවාන් දැවී ගිය බවට දැනුම් දුන්නේය. ඉන්දිය කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව දෙකක් වනවිට දෙවැනි කඩුල්ල ලෙස නායක රෝහිත් ශර්මා දවාගැනීමට සුරංග ලක්මාල් සමත් වූයේය. 

සුරංග ලක්මාල් එවන ලද පන්දුව රෝහිත් ශර්මාගේ පිත්තේ වැදුණු බවට නිරෝෂන් දික්වැල්ල විසින් දැඩි ඉල්ලීමක් සිදුකළද ප්‍රධාන විනිසුරු විසින් එවරද එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය. එවරද එම තීරණය සමගින් එකඟ නොවූ තිසර පෙරේරා දෙවැනි වරටද විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය. පුනරූපණ නැරඹීමේදී පන්දුව යන්තමින් පිත්තේ වැදී කඩුලු රකින්නා වෙත ඇදී යන බවට තීරණය කළ තෙවැනි විනිසුරු විසින් රෝහිත් ශර්මා දැවී ගිය බවට දැනුම් දුන්නේය. ලකුණු ලබාගැනීමට ප්‍රථම තෙවැනි කඩුල්ල ලෙස ඩිනේෂ් කාර්තික් පිටියෙන් ඉවත් කිරීමට සුරංග ලක්මාල් සමත්විය. 

දැවී යාමෙන් පසු විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය වෙත යාමට පෙර ශ්‍රියාස් අයියර්ගෙන් අදහස් වීමසිමක් ඩිනේෂ් කාර්තික් විසින් සිදුකළද කාළය ඉක්මවී තිබීම හේතුවෙන් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය වෙත යාමට ඔහුට අවස්ථාව හිමි නොවීය. ඩිනේෂ් කාර්තික් දැවී යන විට ඉන්දීය ලකුණු පුවරුව කඩුලු 3 කට ලකුණු 8 ක් විය. එහිදී ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු පන්දුවාර 10 තුළදී ඉන්දිායනු කන්ඩායමේ ප‍්‍රබල කඩුලු 03ක් ලකුණු 11කට දවා ගැනීමට සමත් වු අතර එය එක්දින තරග ඉතිහාසයේ පළමු පවර් ප්ලේ අවස්ථාව තුළ කන්ඩායමක් ලබා ගත් අඩුම ලකුණු සංඛයාව ලෙසද වාර්තා පොත් අතරට එක්විය

අනතුරුව යළි ක‍්‍රියාත්ම වු සුරංග ලක්මාල් ලකුණු ලකුණු 02ක් ලබා සිටි මනීෂ් පාන්ඩේ දවා ගැනීමට සමත් වු අතර ලකුණු පුවරුවට කිසිදු ලකුණු එක් වීමට ප‍්‍රථම 05වැනි කඩුල්ල ලෙස සුරේශ් අයර් දවා ගැනීමට නුවන් ප‍්‍රදිප් සමත් විය. විරාත් කෝලි වෙනුවට කන්ඩායම කැදවු අයර් කඩුල්ල මුව කිරීමේ වරදට හසුව දැවී යන විට එක් හතරේ පහරක් සමගින් ලකූණු 09ක් ලබා සිටියේය.

ඉන්දියානු කණ්ඩායමේ ප‍්‍රබල තුන්ඉරියව් ක‍්‍රිඩකයකු වු හර්දීක් පාන්ඩ්‍යා හතරේ පහර 02ක් එල්ල කරමින් වේගයෙන් ලකුණු ලබා ගැනීම සුදානම් වුවත් යළි ක‍්‍රියාත්මක වු නුවන් ප‍්‍රදීප් ලකුණු 10ක් ලබා සිටි පාන්ඩ්‍යා ක‍්‍රිඩා ගාරයට හරවා යැවීය තවත් ලකුණක් ඉන්දිය කණ්ඩායමට එක්වන විට හත්වැනි කඩුල්ල ලෙස බුවනේෂ්වර් කුමාර් දවාගත් සුරංග ලක්මාල් තම එක්දින ක්‍රිකට් දිවියේ හොදම පන්දු යැවීම වාර්තා කිරීමට සමත්විය. තරගය ආරම්භයේ සිට පන්දු යැවූ සුරංග ලක්මාල් පිට පිට ඕවර දහයම යවමින් ලකුණු 13 කට කඩුලු 4 ක් දවාගත් අතර ඊට නිලකුණු ඕවර 4 ක්ද ඇතුළත් විය.

ඉන්දියානු ඉනිමේ 08වැනි කඩුල්ල ලෙස  අකිල ධනංජයගේ පන්දුවක් හමුවේ විශිෂ්ට ස්ටම්ප් කිරීම කට හසුව කුල්දීප් ලකුණු 19ක් ලබා සිටියදී දැවී ගිය අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 04ක් ඇතුලත් විය. කුල්දීප් දැවී යාමෙන් අනතුරුව යළි බුම්රා සමග එක්වෙමින් 09වැනි කඩුල්ල සදහා ලකුණු 17ක් එක් කිරීමට දෝනි සමත් වු අතර සචිත් පතිරණගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ජස්ප‍්‍රීත් බුම්රා ලකුණු නොලබා දැවී ගියේය.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් පන්දුවාර 10 යවා ලකුණු 13කට කඩුලු 04ක්ද නුවන් ප‍්‍රදිප් ලකුණු 37කට කඩුලු 02ක් ද මැතිව්ස් තිසර අකිල හා සජිත් පතිරණ එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් විය. කාසිය වාසිය දිනා ගැනීමෙන් අනතුරුව පිතිකරුවන්ට යෝග්‍ය තනතීරුවේ මුලින් පන්දුයැවීමට තිසර පෙරේරා තීරණය කළ අතර එහිද ඔහු පවසා සිටියේ “තණතීරුව පන්දුවට පහරදීම සදහා වඩාත් යෝග්‍ය බැවින් ලකුණු හඹායෑමට තීරණය කළ බවය.

“කාසියේ වාසිය ජයග්‍රහණය කළද පන්දුවට පහරදීමට සිටි බව ඉන්දිය නායක රෝහිත් ශර්මා පැවසීය. ඉර හොඳින් පායා ඇති බැවින් වේගපන්දු යවන්නන් සදහා ඉතාමත් යෝග්‍ය බවද ඉන්දියා කණ්ඩායමේ නායකයා බවට පත්වීම සම්බන්ධයෙන් ආඩම්බර වන බවත් එය අභියෝගයක් බවද වැඩිදුරටත් බැවසීය.

ආබාධයන්ට ලක්ව සිටි ඇන්ජලෝ මැතිව්ස් සහ අසේල ගුණරත්න නැවතත් කණ්ඩායමට එක්වී ඇති අතර ටෙස්ට් තරගාවලියේදී ආසාර්ථක පිතිහරඹයක නිරතවූ ළහිරු තිරිමාන්නට කණ්ඩායමේ ස්ථානයක් හිමිවී ඇත. අද තරගයේදී ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරාට කණ්ඩායමේ ස්ථානයක් හිමිවී නැත.

ඉන්දියාව –සියලු දෙනා දැවී 112 (පන්දුවාර38.2): මහේන්ද්‍ර සිං දෝනි 65, කුලදීප් යාදෙව් 19, සුරංග ලක්මාල් 4/13, නුවන් ප්‍රදීප් 2/37.

ශ‍්‍රී ලංකා කණ්ඩායම – කඩුලු 03ක් දැවී ලකුනු 114 (පන්දුවාර20.4)
උපුල් තරංග 49,ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 25 ,නිරෝෂන් දික්වැල්ල නොදැවී 26 , ජස්ප‍්‍රීත් බුම්රා 1/32, බුවනේෂ්වර් කුමාර් 1/42, හර්දීක් පාන්ඩ්‍යා 1/39

No comments:

Post a Comment

Post Bottom Ad