කොටි වලදැමූ රත‍්‍රන් හා මුදල් ගොඩගන්න මුලතිවු කැලේ හාරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 26, 2017

කොටි වලදැමූ රත‍්‍රන් හා මුදල් ගොඩගන්න මුලතිවු කැලේ හාරයි..

මුලතිව් පුදුකුඩිඉරිප්පු කයිවේලි කැලෑවේදී නිධන් වස්තු හා යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වලදමන ලද බවට සැකකෙරෙන මුදල් හා රත්තරන් තොගයක් ගොඩගැනීමට උත්සහ ගත් උතුරේ සහ දකුණේ එකතු කල්ලියකට අයත් 11 දෙනෙකු ඊයේ (25) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇති බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය කියා සිටියේය.

පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුනු තොරතුරකට අනුව පුදුකුඩිඉරිප්පු ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එහි නිලධාරීන් පිරිසක් විසින් කයිවේලි කැලෑවේ සිදු කළ විශේෂ සොදිසි මෙහෙයුමකදී නිධන් හා රන් හාරමින් සිටි කල්ලියක් එම අවස්ථාවේධීම අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය,කිලිනොච්චිය, මාතර, වැල්ලම්පිටිය,කොටහේන, මාකඳුර කොට්ටාව ගම්පොළ හා වැලිවේරිය ප්‍රදේශවල සිට පැමිණි 11 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

නිධන් වස්තු ඇති බවටත් අදාල ප්‍රදේශයේ යුද සමයේදී කොටි සංවිධානයට අයත් කඳවුරක්ද තිබූ හෙයින් රත්තරන් හා මුදල් වලදමා ඇති බවට වූ සැකය හේතුවෙන් අදාල පිරිස් විසින් අඩි 5 ක් පමණ වලක් කපමින් සිටින අතරතුර එකවරම පොලිස් නිලධාරීන් එම ස්ථානයට කඩා වැදි ඇති අතර පසුව ඔවුන් සතුව තිබූ කැබ් රථයක් සහ කාර් රථයක් ඇතුලු නිධන් ගොඩගැනීමට යොදා ගත් උපකරණ තොගයද අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad