අලුබදුන ටෙස්ට් තරගාමාලාවේ සිව්වන තරගයේ තෙවැනි දිනය අවසන් වන විට තව පළමු ඉනිම ක‍්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් අතැතිව ලකුණු 491ක් ලබා සිටියි.ඒ අනුව ඔවුන් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමට වඩා ලකුණු 164ක් ඉදිරියෙන් සිටියි. ඊයේ දිනය නතර කරන විට කඩුලු 02ක් දැවී ලකුණු 192ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායම අද දිනයේදී කඩුලු 07ක් අහිමිකරගනිමින් ලකුණු 299ක් ලබා ගැනීමට සමත් විය.
එහිදී කලකට පසු විශිෂ්ට ඉනිමක් ක‍්‍රිඩා කරමින් සිය කණ්ඩායමට ප‍්‍රබල ස්ථානයක කැදවාගෙන ඒමට හිටපු නායක ඇලස්ටෙයාර් කුක් සමත් වු අතර දිනය නිමා වන විට නොදැවී ලකුණු 244ක් ලබා පිටියේ රැදී සිටියි.
තරඟාවලිය පරාජයට පත්වී අවමානයෙන් බේරීමේ සටනකට පිවිස සිටින එංගලන්ත කණ්ඩායමේ පළමු ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් අලෙස්ටියාර් කුක් මෙතෙක් ටෙස්ට් පිතිකරුවන් අතර වැඩිම ලකුණු ලබා ගැනීමේ වාර්ථාවේ හයවැනි ස්ථානය හිමිකරගැනීමට සමත් වු අතර සුපිරි ක‍්‍රීඩක සංගක්කාරව පසුකිරීමට ඇත්තේ තවත් ලකුණු 446ක් පමණි. කුක් ශතක 32ක් සමගින් ටෙස්ට් ලකුනු 11954ක් ලබාසිටින අතර ඔහුගේ පිතිකරණ සාමන්‍ය 46.5ක් ලෙස දැක්වෙයි.සංගක්කාර ටෙස්ට් ශතක 38ක් සමගින් ලකුණු 12400 ක් රැුස්කරගනිමින් එම ලැයිස්තුවේ 05වැනි ස්ථානයේ පසුවෙයි.
එංගලන්ත කණ්ඩායමේ නායක ජෝයි රූට් පමණක් මැද පෙළ පිතිකරුවන්ගෙන් සාර්ථක වෙමින් ලකුණු 61ක් ලබා ගැනීමට සමත් වු අතර වේගපන්දු යවන ක‍්‍රීඩක ස්ටුවර්ට් බෝර්ඩ් විශිස්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් ලකුනු 56ක් ලබා ගැනීමට සමත්වුයේ කුක් සමගින් එක්ව 09වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100ක සම්බන්ධතාවක්ද පවත්වමිනි. පන්දු යැවීමේදී ජොස් හෙසල්වුඩ් නෙදන් ලයන් හා පැට් කමින්ස් අතරේ කඩුලු 03 බැගින් බෙදී ගියහ.
Thursday, December 28, 2017
මහේල පසුකළ ‘කුක්’ සංගාට කිට්ටු වෙයි..
Tags
# ක‍්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක‍්‍රීඩා පුවත්
Labels:
ක‍්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment