තෙල් නිමාවේ භාණ්ඩාගාරයට අයිති කොටසක් චීනයට ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 10, 2017

තෙල් නිමාවේ භාණ්ඩාගාරයට අයිති කොටසක් චීනයට ?


ලංකා ඛණිජ තෙල් නිමා සමාගමට අයත් මහාභාණ්ගාරය යටතේ ඇති තුනෙන් එකක කොටස චීනයට විකිණීමට සැලැසුම්කර ඇතැයි වාර්තා වේ.

 ඉන්ධන පිරවුම් හල් සියයක්, මුතුරාජවෙල තෙල් ගබඩා වලින් තුනෙන් එකක කොටස හා ප්‍රාදේශීය කාර්යාලවලින් තුනෙන් එකක කොටස මේ වනවිට මහා භාණ්ඩාගාරය යටතේ පවතියි. අදාළ කොටස චීනයට ලබාදීමට ආර්ථික කමිටුවට යෝජනා කර ඇත්තේ අමාත්‍ය සරත් අමුණුගම මහතා විසින් බවද පැවසේ.

විකිණීමට උත්සාහ කරන කොටස 2005 දී ද ඉන්දියාවේ භාරත පෙට්‍රෝලියම් සමාගමට ලබාදීමට ද උත්සාහ කළේය. කෙසේවුවද, සේවකයන්ගේ වර්ජන හේතුවෙන් එවර එම අදහස අත්හැර දැමීමට මහින්ද රාජපක්ෂ රජයට සිදුවිය.

No comments:

Post a Comment

Post Bottom Ad