" මම ආදර හසුන් පිළිගන්නේ නෑ" පාර්ලිමේන්තුවම රත් කළ 'ලවු ලෙටර්ස්' කතාව .! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 12, 2017

" මම ආදර හසුන් පිළිගන්නේ නෑ" පාර්ලිමේන්තුවම රත් කළ 'ලවු ලෙටර්ස්' කතාව .!

පළාත් පාලන මැතිවරණය , නව ව්‍යවස්තාව සමග දිනෙන් දින උණුසුම් වන දේශපාලන කරළිය මේ දිනවල රස කතා වලින් පිරී තිබේ. එවැනි රස කතාවක් පිළිබදව සිදුවීමක් ඊයේ දින පාර්ලීමේන්තුවෙන් වාර්තා වෙනවා. එනම් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාව සම්බන්ධයෙන් ඇතැමුන් තමන්ට එවන
ආදර හසුන් පිළිනොගන්නා බව කථානායක කරු ජයසූරිය ඊයේ පාර්ලීමේන්තුවේදී ප්‍රකාශ කිරීමයි.

කථානායකවරයා මේ බව කීවේ දිනේෂ් ගුණවර්ධන ම්ළන්ත්‍රීවරයා කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි. පාර්ලිමේන්තුවේ කටයුතු ඊයේ පෙරවරුවේ ආරම්භ කළ මොහොතේ නැගී සිටි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩලය සම්බන්ධව විජයදාස රාජපක්‌ෂ  විසින් තමන්ට ලිපියක්‌ ඒවා ඇතැයි කීවේය.

ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලය පිහිටුවා තිබෙන්නේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනිව යෑයි හිටපු අධිකරණ අමාත්‍යවරයා සිය ලිපිය මගින් ප්‍රකාශ කර ඇතැයි කී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා එම ලිපියේ කරුණු පිළිබඳ කථානායකවරයාගේ මතය විමසා සිටියේය.

මේ අවස්‌ථාවේදී අදහස්‌ දැක්‌වූ සභානායක ලක්‌ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයට අදාළ සියල්ලම ආණ්‌ඩුව වෙනුවෙන් සකස්‌ කළේද විජයදාස රාජපක්‌ෂ මන්ත්‍රීවරයා බවත්,ආེ රාජපක්‌ෂ මන්ත්‍රීවරයා සිය නිරීක්‌ෂණ ඉදිරිපත් කළ යුත්තේ පාර්ලිමේන්තුව තුළදී මිස ඉන් පිටත ලියුම් ලියා නොවේ යෑයිද කීවේය.

මේ අවස්‌ථාවේදී කිරිඇල්ල  අමාත්‍යවරයාට පිටුපස අසුනේ සිටි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා  යමක්‌ කීවේය. යළි අදහස්‌ පළ කළ සභානායකවරයා මේ ෆීල්ඩ් මාර්ෂල් තුමා කියනවා වගේ කථානායකතුමාට ආදර හසුන් යවලා වැඩක්‌ නෑ" යෑයිද කීය. මම කොහෙමත් ආදර හසුන් පිළිගන්නේ නෑ" යෑයි කථානායක කරු ජයසූරිය සභාවට ප්‍රකාශ කළේ මේ අවස්‌ථාවේදීය.

No comments:

Post a Comment

Post Bottom Ad