උතුරේ ගංජා සහ හෙරොයින් ව්‍යාප්තිය ඉහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 11, 2017

උතුරේ ගංජා සහ හෙරොයින් ව්‍යාප්තිය ඉහළට

ගෙවුණ සති තුනක කාලයේ දි උතුරු පළාතෙන් කෝටි හතර හමාරක අධික ගංජා හා ලක්ෂ 40ක් පමණ වටිනා හෙරෝයින් සහ හෂිස් තොගයක් පොලීසිය හා හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

නොවැම්බර් 07 වෙනිදා සිට 25 දක්වා කාලයේ දි කේරල ගංජා කිලෝ ග්‍රෑම් 217ක් අත්අඩංගුවට ගෙන ඇති අතර 19 වෙනි දින පමණක්
යාපනයේ කොඩිකාමන් හා පේදුරු තුඩුව ප්‍රදේශවල දි පිළිවෙළින් කිලෝග්‍රෑම් 36 හා 153ක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊට අමතරව නොවැම්බර් 25 දින තෙලෙමන්නාරම ඌරුමලෙයි ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය හෂිස් කිලෝ ග්‍රෑම් 33ක් නොවැම්බර් 09 දින වව්නියාව බස් නැවතුමේ දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 2.26ක් ද අත්අඩංගුවට ගෙන ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad