දෙමළ ජාතික සන්ධානයේ තීරණාත්මක සාකච්ඡාවක්! ටෙලෝ සංවිධානයේ තීන්දුව ප්‍රකාශයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 11, 2017

දෙමළ ජාතික සන්ධානයේ තීරණාත්මක සාකච්ඡාවක්! ටෙලෝ සංවිධානයේ තීන්දුව ප්‍රකාශයට

දෙමළ ජාතික සන්ධානයේ තීරණාත්මක සාකච්ඡාවක්! ටෙලෝ සංවිධානයේ තීන්දුව ප්‍රකාශයට
පළාත් පාලන මැතිවරණයේදී උතුරු, නැගෙනහිර සෑම ප්‍රදේශයකටම දෙමළ ජාතික සන්ධානය යන පක්ෂය හා ''ගෙදර'' යන ලාංඡනය යටතේ අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට ටෙලෝ සංවිධානය පසුගිය දා එකග වී තිබේ.

මේ තීරණයට ටෙලෝ සංවිධානය වෙනුවෙන් එකඟත්වය පළකොට ඇත්තේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතාය. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම පිණිස ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09 වන දා යාපනයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

මේ සාකච්ඡාවට ප්ලොට් සංවිධානාය් වෙනුවෙන් එහි නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතාද සහභාගි වී ඇති අතර සාකච්ඡාවෙන් පසුව එම පක්ෂ තුනේ නායකයින් තුන් දෙනා දෙමළ ජාතික සන්ධානය වශයෙන් ඒකාබද්ධ නිවේදනයක්ද නිකුත් කොට තිබේ. මේම නිවේදනයට අත්සන් තබා ඇත්තේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් යන මන්ත්‍රීවරුන් දෙදෙනා හා ප්ලොට් හිටපු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් යන තිදෙනා විසිනි.

ටෙලෝ සංවිධානය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වී පලාත් පාලන මැතිවරණයට තනිවම තරග කිරීමට තීරණයක් ගෙන තිබූ අවස්ථාවක මෙම තීරණාත්මක සාකච්ඡාව කැදවා තිබුණි.

දිනසේන රතුගමගේ

No comments:

Post a Comment

Post Bottom Ad