ශ‍්‍රීලනිපය දෙකඩ කිරීම ‘රෝ’ කුමන්ත‍්‍රණයක්.. ශ‍්‍රිලනිප ඇමතිලා කැප්පෙටිපොලලා විය යුතුයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 13, 2017

ශ‍්‍රීලනිපය දෙකඩ කිරීම ‘රෝ’ කුමන්ත‍්‍රණයක්.. ශ‍්‍රිලනිප ඇමතිලා කැප්පෙටිපොලලා විය යුතුයි..

ඉදිරි මැතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව තරග කල යුතු බවත් වෙන්ව තරග කිරීමට පෙළඹවීම අධිරාජ්‍යවාදී සැලසුම ඉටු කරන්නක් බවත් ජාතික සංවිධාන එකමුතුව සදහන් කරයි.

මෙම මැතිවරණයේදී වෙන්ව තරග කලහොත් එහිදී දෙපාර්ශවය අතර
ඇතිවන ප‍්‍රතිවිරෝධතා ඉදිරියේදී ගෙන එන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය පාර්ලිමේන්තුව තුලදී පරාජය කිරීමට නොහැකි තත්වයකට පත් කරවනු ඇති බවද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සංවිධානයේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය තුල දැඩි ගැටුමක් ඇති වීම වත්මන් ආණ්ඩුවට මෙන්ම රෝ සංවිධානයට උවමනා දෙය බවත් කී ඔහු මීට අදාලව තම සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති වැඩපිලිවෙලට එකග වන්නැයි ඒකාබද්ද විපක්‍ෂයෙන් බල කර ඉල්ලා සිටින බවද ඔහු සදහන් කලේය.

මේ අතර කොළඹදී පැවති තවත් මාද්‍ය හමුවක් අමතමින් පූජ්‍ය මැදගොඩ අබයතිස්ස හිමියන් කිටා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුනට ජනතාව ඡුන්දය දී පාර්ලිමේන්තු යවා ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවට එක් වී රටට හතුරු වැඩ කිරීමට නොවන බවයි. එම පිරිස සමග එක්වන්නැයි ඒකාබද්ද විපක්‍ෂයට නොකියන බවත් යම් ලෙසකින් ආණ්ඩුවේ සිටින ශ‍්‍රිලනිප පිරිස කැප්පෙටිපොල භූමිකාවට එන්නේ නම් දෙපාර්ශවය සමගි කිරීමට මැදිහත් වන්නට සූදානම් බවද උන් වහන්සේ කියා සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad