රට යන්න ගිය සැමියා ඇඳ යටින් මතු වේ. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 26, 2017

රට යන්න ගිය සැමියා ඇඳ යටින් මතු වේ.

බිරිඳගේ අනියම් ඇසුරක් අතටම හසු කර ගැනීමට දින කිහිපයක් නිවසේ ඇඳක් යට සිටි සැමියෙකු පිළිබඳ මහනුවර ප්‍රදේශයෙන් වාර්තාවෙයි.
සිද්ධිය මෙසේය.
පොලිස් හදිසි ඇමතුම් 119 අංකයට කාන්තාවක් විසින් දෙන ලද ඇමතුමකට අනුව කියැවී ඇත්තේ තම නිවසේ නිදන කාමරයේ ඇඳක් යට කිසියම් නාඳුනන පුද්ගලයකු සැඟව සිටින බවකි. ඒ අනුව මහනුවර නගරයට නුදුරු පොලිස් ස්ථානයක නිලධාරීන් වහාම එහි ළඟා වී තිබේ.
එහිදී ගෙහිමි කාන්තාව ප‍්‍රකාශ කර ඇත්තේ තම සැමියා දින කිහිපයකට පෙර විදෙස්ගත වූ බවත් තමා පියා සමග නිවසේ ජීවත් වන බවත්ය. රාත‍්‍රී මල් පහන් පූජා කිරීමට නිවසේ උඩුමහලට ගිය බවත් එම අවස්ථාවේ කිසියම් පුද්ගලයකු නිවසේ නිදන කාමරයේ ඇඳ යට සැඟව ඇති බව දුටු බවය.
පොලිස් නිලධාරීන් ඇඳ යට පරීක්ෂා කොට සැඟව සිටි පුද්ගලයා එළියට ගෙන තිබේ. එහෙත් එම අවස්ථාවේ සියල්ලන්ම මවිතයට පත්ව ඇත්තේ විදෙස්ගත වීමට ගිය එම කාන්තාවගේ සැමියා එසේ සැඟව සිටීමයි. සිද්ධිය සම්බන්ධයෙන් ඔහු පොලිසියට ප‍්‍රකාශ කර ඇත්තේ බිරියගේ අනියම් ඇසුරක් පවතින බවත් එය අල්ලා ගැනීමට මෙසේ ඇඳ යට සැඟව සිටි බවත්ය.
මෙවැනි මිනිසකු සමග තවත් දීග කෑමට නොහැකි යයි පැවසූ බිරිය එම අවස්ථාවේම ත‍්‍රිරෝද රථයක් ගෙන්වා ඇයගේ අනියම් සැමියා සොයා ගොස් තිබේ. පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

No comments:

Post a Comment

Post Bottom Ad