ප්‍රථමවරට ඉතිහාසගත සිදුවීමක් අද වාර්තා විය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 28, 2017

ප්‍රථමවරට ඉතිහාසගත සිදුවීමක් අද වාර්තා විය




ශ්‍රී ලංකාවේ උසස්පෙළ විභාග ප්‍රතිඵල ඉතිහාසයේ ප්‍රථමවරට සිදුවූ ඉතිහාසගත සිදුවීමක් අද වාර්තා වූවා. 
ඒ හිමිනමක් උසස්පෙළ විභාගයේ දිවයිනේ ඉහළම ලකුණු ලබාගනිමින් ලංකාවෙන් ම ප්‍රථමයා බවට පත්වීමයි. මෙම සුවිශේෂ අවස්ථාව හිමිකරගන්නේ සද්ධර්මාලංකාර පිරිවෙනේ අධ්‍යාපනය හැදෑරූ පූජ්‍ය පත්බේරියේ මුනින්දවංශ හිමියන් විසින්.

පසුගිය අගෝස්තු මාසයේ විභාගයට අයදුම්කරුවන් සංඛ්‍යාව තුන්ලක්ෂ 15,227ක් අතරින් මුනින්දවංශ හිමියන් විසින් කලා විෂයධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත්තා. ඉගෙනුම ලබන කාලසීමාවේදී තමන්ට විවිධ බාධකවලට මුහුණදීමට සිදුවූ බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.

ඉදිරියේදී ඉතිහාස පර්යේෂණ අංශයෙන් ඉදිරියට යාමට බලාපොරොත්තුවන බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර මීට වසර 48 කට පෙර ශ්‍රී ලංකාවෙන් ම දෙවැනියෙකු මෙම පිරිවෙනින් බිහිවී ඇති බවයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad