කැලි‍ෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරවේද පාසලක් ගම්පහට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 9, 2017

කැලි‍ෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරවේද පාසලක් ගම්පහට

කැලි‍ෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරවේද පාසලක් ගම්පහට
මෙරට ශ්‍රම බලකායේ ගුණාත්මකභාවය නංවාලීම උදෙසා අවශ්‍ය දැනුම හා වෘත්තීය නිපුණත්වය ලබා දීම සඳහා ලොව පිළිගත් ඉංජිනේරු විද්‍යා පාසලක් හා ව්‍යාපාරවේද පාසලක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.

දැනුම පදනම් කරගත් ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කරමින් කඩිනම් ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම සඳහා නව්‍ය හා තිරසර ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව ලොව පිළිගත් ඉංජිනේරු විද්‍යා පාසලක් හා ව්‍යාපාරවේද පාසලක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට රජය තීරණය කර ඇත.

මේ සඳහා ලොව කීර්තිමත් විශ්වවිද්‍යාල සමඟ පවත්වන ලද සාකච්ඡාවන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් ව්‍යාපාරවේදය පිළිබඳ පාසලක් ලාභ ලැබීමේ අරමුණකින් තොරව ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ, කැලි‍ෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

යෝජිත ව්‍යාපාරවේද පාසල ඉන්දියානු සාගර කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමට එම විශ්වවිද්‍යාලය බලාපොරොත්තු වේ. දක්ෂතාවන්ගෙන් හා කුසලතාවන්ගෙන් පිරිපුන් නමුත් ආර්ථික දුෂ්කරතා සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද මෙහි අධ්‍යයන අවස්ථා විවර කෙරෙනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad