ජාතික නිදහස් පෙරමුණේ තුනක් ඇතුලු ඉදිරිපෙළ 51ක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 26, 2017

ජාතික නිදහස් පෙරමුණේ තුනක් ඇතුලු ඉදිරිපෙළ 51ක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට..

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පළාත් සභාවට තේරී පතිව සිටින පළාත් සභා මන්ත‍්‍රීවරුන් තිදෙනෙකු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වීමට නියමිත යයි රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා සදහන් කරයි.

ඔවුන් තිදෙනාද ඇතුළුව තවත් දේශාපාලන පක්‍ෂවල ඉදිරි පෙල නියෝජිතයන් 51 දෙනෙකු ලබන සතිය ඇතුලත ශ‍්‍රීලනිපයට එක් වීමට නියමිත යයිද ඔහු පවසයි. ඇමතිවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ මාතරදී පැවති ජන හමුවක් අමතමිනි. තවත් ප‍්‍රබලයින් ශ‍්‍රීලනිපයට එක්වීමට කැමැත්තෙන් සිටියද කැබිනට් මණ්ඩලයේ ඉඩ නොමැති නිසා අදිමදි කරන බවද ඔහු සදහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad