ගඩොල් කැටයකින් හිසට කළ පහරදීමකින් කටාන ප්රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවෙකු මිය ගොස් තිබෙනවා. කටාන නැගෙනහිර කළුවාවිබ්බුව ප්රදේශයේදී මෙම පහරදීම සිදුකර ඇත්තේ එම ප්රදේශයේම පදිංචි 19 හැවිරිදි පාසල් සිසුවෙක්.
ප්රදේශවාසීන් එක්ව තුවාලකරු මීගමුව දිස්ත්රික් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී ඔහු මිය ගොස් සිටි බව අප වාර්තාකරු පැවසුවා. පහරදීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සැකකාර සිසුවා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
No comments:
Post a Comment