ලක්ෂ 150ක මහජන මුදල්‌ වැයකරමින් මධ්‍යම පළාතේ පළමු කණ්ඩායම චීන සංචාරයට පිටත්ව යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 13, 2017

ලක්ෂ 150ක මහජන මුදල්‌ වැයකරමින් මධ්‍යම පළාතේ පළමු කණ්ඩායම චීන සංචාරයට පිටත්ව යයි

 මහජන මුදල් වැය කරමින් විදෙස්‌ සංචාර සැලසුම් කොට ඇති මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් සහ නිලධාරීන්ගෙන් සමන්විත පළමු කණ්‌ඩායම ඊයේ (12 දා) පස්‌වරු 2.00 ට චීනය බලා දිවයිනෙන් පිටත්ව ගියහ.

 මධ්‍යම පළාත් ආණ්‌ඩුකාරවරියගේ අනුමැතිය ද හිමිව ඇති මෙම
කණ්‌ඩායම් අතුරින් දෙවන කණ්‌ඩායම, දෙසැම්බර් පහළොස්‌ වැනිදා ද (15 දා) තෙවැනි කණ්‌ඩායම දෙසැම්බර් විසි දෙවැනිදාද (22 දා) චීනය බලා යාමට සැලසුම් කොට ඇත.

මේ සඳහා මධ්‍යම පළාත් සභා මුදලින් රුපියල් ලක්‍ෂ එකසිය පනහක්‌ පමණ වැයකොට ඇතැයි දැනගන්නට තිබේ.  පළාත් පාලන මැතිවරණය ආසන්නව තිබියදී ආසන සංවිධායකවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් හා නිලධාරීන් විදෙස්‌ සංචාර සඳහා සහභාගි වීම කාලෝචිතද යන්න විමසීමට මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය දුරකථනයෙන් සම්බන්ධ කර ගත් අවස්‌ථාවේදී ඇය ප්‍රකාශ කළේ මෙම සංචාර සඳහා ජනාධිපතිවරයා අවසර දී තිබුණ ද, දෙසැම්බර් 15 වැනිදා වනවිට සියලු දෙනාම යළි සිය ආසන වෙත පැමිණ සිටිය යුතු බව දන්වා ඇති බවයි.

චීන සංචාරය සඳහා තමන් සහභාගි නොවන බවත්, තමන් 12 වැනිදා සිට දින තුනක්‌ මාලදිවයිනේ සංචාරයක නිරත වන බවත් ආණ්‌ඩුකාරවරිය දිවයිනට කියා සිටියාය. දෙසැම්බර් මස 15 සහ 22 දිනයන්හි දී දෙවැනි හා තෙවැනි කණ්‌ඩායම් සැලසුම් කළ පරිදි චීනය බලා යනු ඇතැයි ද ඇය පවසයි.

- සමන්තී වීරසේකර

No comments:

Post a Comment

Post Bottom Ad