එජාපයේ පසුපෙළ මන්ත‍්‍රී නලීන් බණ්ඩාර ශ‍්‍රීලනිපයට අනතුරු අගවයි..සොයිසාගේ කතාවට සැර කතාවක් කියයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 21, 2017

එජාපයේ පසුපෙළ මන්ත‍්‍රී නලීන් බණ්ඩාර ශ‍්‍රීලනිපයට අනතුරු අගවයි..සොයිසාගේ කතාවට සැර කතාවක් කියයි (VIDEO)

පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා කැඳවිමේ දැනුම්දිම සිදුවන ලබන 27 වැනි දාට පෙර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ද විපකෂය එකට එක් වී ඡන්දයට ඉදිරිපත් වීම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහන්ද රාජපක්ෂ මහතා අතර එකගතාවක් ඇතිවන බව වාරිමාර්ග හා ජලකළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතා මාතලේදී පැවසූ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් ප‍්‍රකාශ කර සිටියා

එහිදී නලින් බණ්ඩාර මහතා ප‍්‍රකාශ කලේ පුංචි ජන්දයේදී මහින්ද රාජපක්ෂ සමග එක්වෙන්නේ නම් ජාතික ආණ්ඩුවෙනුත් ශ‍්‍රීලනිප ඇමතිවරුන් ඉවත්වී ඒකාබද්ධ විපක්ෂයෙ අසුන් ගන්නා ලෙසයි. එජාපයේ ආණ්ඩුවක් සදහා ජනපති මෛත‍්‍රීගේ බාධාවක් නොමැති බවත් අවශ්‍යනම් එජාප ආණ්ඩුවක් පිහිටුවිය හැකි බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad