මේ වෙලාවට ෆේස්බුක් පෝස්ට් දැම්මොත් Reach එක ගොඩක් වැඩිකරගන්න පුළුවන්. ඔබේ post වලට අවධානය ගන්න රහස් ක්‍රමයකුත් Facebook සමාගම හෙලි කරයි. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 24, 2017

මේ වෙලාවට ෆේස්බුක් පෝස්ට් දැම්මොත් Reach එක ගොඩක් වැඩිකරගන්න පුළුවන්. ඔබේ post වලට අවධානය ගන්න රහස් ක්‍රමයකුත් Facebook සමාගම හෙලි කරයි.

මේ වෙද්දි අන්තර්ජාලය පාචිච්චි කරන අය අතරින් ෆේස්බුක් ගිණුමක් නැති කෙනෙක් හොයාගන්න නැති තරම්.සන්නිවේදන ක්‍රියාවලියේ අලුත් වෙනසක් ඇතිකරමින් 2004 පෙබරවාරි මාසයේ 04 වැනිදා ආරම්භ වුන ෆේස්බුක් සමාගම ගැන අද ලොකු කුඩා හැම දෙනාම දන්නවා. 

වාණිජ අරමුණු මෙන්ම තමන්ගේ විනෝදය සඳහා,පණිවිඩ හුවමාරු කරගැනීම සඳහා වගේ දේවල් වලට මෙය වැඩි වශයෙන්ම යොදා ගන්න බොහෝ දෙනා පුරුදුවෙලා ඉන්නවා. ලංකාව තුල මුහුණු පොත, එහෙමත් නැත්තම් ෆේස්බුක් මේ තරම් ජනප්‍රිය වුනත් චීනය, ඉරානය, උතුරු කොරියාව ආදී රටවල් වල ෆේස්බුක් භාවිතය නීතියෙන් තහණම් කර තිබෙනවා.කොහොම වුනත් ෆේස්බුක් තාක්ෂණය වගේම එය හසුරුවන්න ඔබ හොඳින්ම දැනගෙන ඉන්න පුළුවන්. නමුත් ඒ අතර සැඟවුනු ඔබ නොදන්නා කරුණු රැසක් අද අපි ඔබට කියන්න සූදානම්.

පළවෙනි Profile Picture එක

මුහුණු පොතේ ඉන්න කෙනෙක්ගෙ අනන්‍යතාවය තහවුරු කරගන්න වැදගත්ම දේ තමයි Profile Picture  එක. නමුත් මේ වෙද්දි ගොඩක් දෙනා ඒ වෙනුවෙන් ව්‍යාජ ඡායාරූප භාවිතා කරන බවත් Facebook සමාගම ප්‍රකාශ කරනවා. කොහොම වුනත් මේ විදියට මුහුණු පොතට මුල්න්ම  ඡායාරූපයක් ඇතුලත් කරපු පුද්ගලයා විදියට සැළකෙන්නෙ  ‘අල් පැසිනෝ’ කියන ඇමෙරිකානු රංගන ශිල්පියා. නමුත් එම ඡායාරූපය ෆේස්බුක් සමාගම විසින් ඇතුලත් කර තිබෙනවා.

ෆේස්බුක් ලාංඡනය 

මාර්ක් සකර්බර්ගේ සමීපතම මිතුරෙකු වන ඇන්ඩෲ මැකලම් විසින් Facebook ලාංඡනය නිර්මාණය කර තිබෙනවා.

Like Button එක

Facebook දාන හැම දේකටම අපි වැඩිපුර like බලාපොරොත්තු වෙනවා. නමුත් Facebook ආරම්භක සමයේදී නම් මේ විදියට like Button එකක් තිබුනෙ නෑ. ඒ වෙනුවට තිබුනෙ ඇන්ඩෲ බොස්වර්ත්  විසින් නිර්මාණය කල Awesome කියන Button එක. ඒ සඳහා Facebook සමාගමේ සියළු මෘදුකාංග ඉංජිනේරුවන් ලොකු කැමැත්තක් දක්වලා තිබුනත් මාර්ක් සකර්බර්ග් විසින් එය like Button එක බවට පත්කර තිබුණා.

මේ වන විට ඇති දත්ත ප්‍රමාණය

කෙනෙක්ට හිතෙන්න පුළුවන් Facebook තියෙන මේ වීඩියෝ,ඡායාරූප ප්‍රමාණය කොයිතරම්ද කියලා. ඇත්තටම මේ වෙද්දි ඔබ අපි හැමකෙනෙක්ගෙම දත්ත ‘පෙටාබයිට්’ 300ක් පමණ Facebook සමාගමේ searver වල තියෙනවා.පෙටාබයිට් එකක් කියන්නේ ගිගාබයිට් මිලියන 1ක්. ඉතිං ඔබට හිතාගන්න පුළුවන්නෙ මේ ප්‍රමාණය කොයිතරම්ද කියලා. 

ෆේස්බුක් වර්ධනය 

සෑම මිනිත්තුවකටම වරක්  ෆේස්බුක් සමඟ පුද්ගලයින් 483 දෙනෙකු පමණ එකතුවන බවට ෆේස්බුක් සමාගම ගණන් බලා තිබෙනවා.

පෝස්ට් දමන්න හොඳම වෙලාව 

රැයක් දවාලක් නැතිව Facebook යන අපිට Facebook post දාන්න වෙලාවක් මොකටද කියගා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් හැම දෙනෙක්ම බලන්නෙ තමන් Facebook  එකටදාන ඡායාරූපයකට හරි,වීඩියෝ එකකට හරි මේ වගේ දේකට වැඩි අවධානයක් ලබා ගන්නෙ. ඒ විදියට ඔයා දාන Facebook post එක රෑ 10ත් 11ත් අතර කාලය තුල දාන්න පුළුවන්නම් ඒකට ලැබෙන අවධානය 88% කට වඩා වැඩියි කියලා තමයි Facebook සමාගම පවසන්නෙ‍ෙ. එ් වගේම ප‍්‍රශ්නාර්ථයකින් අවසන් වන පෝස්ට්වලට 162% ක වැඩි අවධානයක් ලැබෙන බවත් Facebook සමාගම සොයාගෙන තිබෙනවා.

වැඩියෙන්ම Share වෙන දේ තමයි මේ

ගොඩක් දෙනා හිතාගෙන ඉන්නෙ Facebook හරහා වැඩි වශයෙන්ම share  වෙන්නෙ ඡායාරූප කියලා. Facebook සමාගම පවසන විදියට ඇත්තම කතාවනම් Facebook හරහා වැඩි වශයෙන්ම share  වෙන්නෙ වීඩියෝ දර්ශන.ඒ වගේම මේ වෙද්දි  Facebook හරහා  දිනකට බිලියන 1 කට වඩා පිරිසක්  වීඩියෝ නරඹනවා.

No comments:

Post a Comment

Post Bottom Ad