අගමැතිගේ බැදුම්කර සාක්‍ෂියෙන් රවීගේ බෙල්ලටම තොණ්ඩුව වැටේ.. BOC, NSB, මහජන බැංකු සභාපතිලාත් අමාරුවේ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 22, 2017

අගමැතිගේ බැදුම්කර සාක්‍ෂියෙන් රවීගේ බෙල්ලටම තොණ්ඩුව වැටේ.. BOC, NSB, මහජන බැංකු සභාපතිලාත් අමාරුවේ…

මහ බැංකු බැදුම්කර වංචාව ගැන පරීක්‍ෂණය කරන ජනාධිපති කොමිසම හමුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ ලබා දී ඇති සාක්‍ෂියෙන් අලුත් ප‍්‍රශ්ණයක් මතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රජයේ බැංකු අඩු පොලියට ලංකු තියන්න තීන්දු කලේ නැති බවට අගමැතිවරයා කරන ලද ප‍්‍රකාශයෙන් අලුත් ගැටළු ගණනාවක් පැන නැගෙන බවද ඔහු සදහන් කරයි. ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකු සභාපතිවරුන් කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේ ඇමති රවි කරුණානායක අඩු පොලියට ලංසු තබන්නැයි උපදෙස් දුන් බවත් රවි කරුණානායක මහතා එය පිලිගත් බවත් ඔහු පැවසීය.

අගමැතිවරයාගේ සාක්‍ෂිය අනුව රවි කරුණානායක මහතාට එවන් තීරණයක් ගැනීමට රජය ප‍්‍රතිපත්තිමය තීන්දුවක් නොගෙන තිබූ නිසා රවි කරුණානායක සම්බන්දයෙන් ගන්නා තීන්දුව කුමක්දැයි ඔහු වැඩි දුරටත් ප‍්‍රශ්ණ කරයි.

වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad