ඉහලින් ආ ඇමතුමකින් හිරු බලය නවතී – මහින්ද අමරවීරගේ රෙදි යාන්තමින් බේරෙයි. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 3, 2017

ඉහලින් ආ ඇමතුමකින් හිරු බලය නවතී – මහින්ද අමරවීරගේ රෙදි යාන්තමින් බේරෙයි.

ඊයේ රාත්‍රී හිරු රූපවාහිණී නාලිකාවේ විකාශය වූ, බලය දේශපාලන සංවාදය ඉතා තීව්‍ර අවස්ථාවේදී නවතා දමනු ලැබිණ.

ආරම්භයේ පටන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වූ දයාසිරි ජයසේකර හා මහින්ද අමරවීර ඉතා ජ්‍යෙෂ්ඨ මාන්නක්කාරයන් ලෙස හැසිරෙන්නට වූ අතර, එය ගණනකට නොගත් නවක මන්ත්‍රී කන්චන විජේසේකර මන්ත්‍රීවරයා ඉතා දැඩි වාග් ප්‍රහාරයක් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට එල්ල කරනු ලැබිණ. එහි ප්‍රතිපලය සහ ලද අවමානය දයාසිරි ඇමතිවරයාගේ කතාව ආරම්භයේදීම ඔහුගේ කථා තුලින් පිළිබිබු විය.

අනතුරුව නාමල් මන්ත්‍රීවරයා එල්ල කල දැවැන්ත වාග් ප්‍රහාරය හමුවේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් නිරුත්තර වී ගිය අතර, කිසිදු බාධා කිරීමක් වත් එල්ල නොකරන තරමටම එම කතා තර්කානුකූල විය. දෙවන වටයේ අවසන් අවස්ථාව පෞද්ගලිකත්වයෙන් ඇරඹි මහින්ද අමරවීරට ආරම්භයේ පටන් පොඩි මන්ත්‍රී කොල්ලො දෙන්නාගෙන් ලැබුනේ ප්‍රභල සංග්‍රහයකි. පෞද්ගලික කාරණා වෙතටත් විවාදය ඇදගෙන යන්නට මහින්ද අමරවීර උත්සාහ කලත්, ඊටද තරුණ මන්ත්‍රීවරුන්ගෙන් කිසිදු බුරුලක් නොලැඹිණ.

එක් වරටම දෙවෙනි වටය නවතා දමනු ලැබූයේ ප්‍රේක්ෂකයින් අතරමන් කරවමිනි. LeaksLK ඉතාම කඩිනමින් මේ පිළිබඳව විමසිලිමත් වූ අතර, හිරු ටීවී අභ්‍යන්තර ආරංචි මාර්ග අපට දන්වා සිටියේ ශ්‍රී ල නි ප යේ, වගේම ශ්‍රී ලංකාවේම ඉහලම තනතුරින් ලද දුරකථන ඇමතුමක්, අදාල වැඩ සටහන නවතා දමන ලෙස නියෝග කර ඇති බවයි.

LeaksLK 

No comments:

Post a Comment

Post Bottom Ad