ඇෆ්නිස්තානයේ දැවැන්ත ප‍්‍රහාරයෙන් ශ‍්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට විසිවෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 14, 2017

ඇෆ්නිස්තානයේ දැවැන්ත ප‍්‍රහාරයෙන් ශ‍්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට විසිවෙයි..

මැලේසියාවේ පැවැත්වෙන් වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානු කණ්ඩායම හා එක්සත් ආරබි එමීර් රාජ්‍යය අතර තරගයෙන් ලකුණු 135ක් දැවැන්ත ජයක් ලබමින් අවසන් පූර්ව වටයට සුදුසුම්කම් ලැබිමට ඇෆ්ගනිස්තානු කණ්ඩායම අද සමත් විය.

වර්ෂාව හේතුවෙන් තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 20කට සීමා වුණු අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගන් ක‍්‍රිඩකයන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් දැවී ලකුණු 224ක් ලබා ගත්හ. එහිදී ප‍්‍රහාරාත්මක ඉනිමක් ක‍්‍රීඩා කළ අබ්දුල් රෂූල් පන්දු 38කදි දැවැන්ත හයේ පහර 10ක් හා හතරේ පහර 07ක් සමගින් වේගවත් ලකුණු 105ක් රැස්කීරීමට සමත් වු අතර ආරම්භක පිතිකරු රමනුල්ලා ලකුණු 59ක් ලබා ගැනීමට සමත් විය

ජයග‍්‍රහණය සදහා ලකුණු 225ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිස ආරාබි ක‍්‍රීඩකයින්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලබාගත හැකි වුයේ ලකුනු 90ක් පමණි. ඒ අනුව බී කාණ්ඩයේ තියුණු තරගයකින් පසුව පෙරමුණ ගැනීමට ඇෆ්ගනිස්තානු කණ්ඩායම සමත් වු අතර තරග 02ක ජයග‍්‍රහණය ලැබුවත් දුර්වල ලකුණු ලබාගැනීමේ වේගය හේතුවෙන් ශ‍්‍රි ලංකා යෞවනයන්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

මේ අතර බංගලාදේශ කණ්ඩායම හා ඉන්දියාව අතර පැවැති තරගයෙන් කඩුුලු 08ක විශිෂ්ට ජයක් ලැබීමට බංගලාදේශ කණ්ඩායම සමත් වු අතර ප‍්‍රබල ඉන්දියාවට ද මෙම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.


No comments:

Post a Comment

Post Bottom Ad