ශ‍්‍රී ලංකාව දරුණු භූමිකම්පාවක අවදානමේ.. මුහුදුබඩ ප‍්‍රදේශ අධි අවදානමක.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 20, 2017

ශ‍්‍රී ලංකාව දරුණු භූමිකම්පාවක අවදානමේ.. මුහුදුබඩ ප‍්‍රදේශ අධි අවදානමක..

මෙම වසරේ දෙසැම්බර් 31 වන්නට ප‍්‍රථම ඉන්දියන් සාගරයේ පිහිටි රටවල් 11කට බලපාන දරුණු භූමි කම්පාවක් ඇතිවීමේ අවධානම්ක් ඇති බවට ඉන්දීය භූ විද්‍යා පර්යේෂණ ආයතනයක් අනතුරු අගවා ඇතැවි අන්තර්ජාල මාධ්‍ය වාර්තා පලවෙමින් ඇත.

මෙම වාර්තාවෙන් දැක්වෙන්නේ සිදුවීමට නියමිත භූමි කම්පාව හේතුවෙන් ශ‍්‍රී ලංකාවද ඇතුළු රටවල් 11ක වෙරළබඩ ප්‍රදේශයන්ට දැඩි හානි වීමේ අවධානමක් ඇති බවයි. අදාල වාර්තාව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි වෙත බාර දී ඇති බවත් ඉන්දියාව, පකිස්තානය, ශ්‍රීලංකාව, ජපානය, චීනය, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, තායිලන්තය හා ගල්ෆ් රටවල මෙම භූමි කම්පාව ඇතිවිය හැකි යයිද වාර්තාවේ සදහන් බව මාධ්‍යයන්හි පල වෙයි.

මෙමගින් මෙම රටවල මුහුදු සීමාවන් පවා වෙනස්විය හැකි බවත් මිලිමීටර 120-150 තරමේ අධික වැසි ඇතිවිය හැති බවත් අධික වේගයෙන් සුළං හමනු ඇති බවත් පුරෝකතනය කර ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ‍්‍රි ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ කල්තියා භූමිකම්පා ගැන අදහස් පල කල නොහැකි බවත් ජනතාව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැති බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad