අපි බය නෑ -යහපාලනය ඉදිරියට ගෙනියනවා - රනිල් සාක්ෂි දී යද්දී කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 20, 2017

අපි බය නෑ -යහපාලනය ඉදිරියට ගෙනියනවා - රනිල් සාක්ෂි දී යද්දී කියයි


බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමේ  අද(20) පෙරවරු 10.00ට පෙනී සිටින ලෙස කරන ලද දැනුම් දීම අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ එම කොමිසමට පැමිණියේය. කොමිසමේ ආරංචි මාර්ග පැවසූවේ අගමැතිවරයාගෙන් ප්‍රථමයෙන්ම ප්‍රශ්න කර ඇත්තේ 2014 වර්ෂයේදී අර්ජුන ඇලෝසියස් මහතා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු බව අගමැතිවරයා දැන සිටියාද යන්න ගැනයි.

දෙවනවර අගමැතිවරයාගෙන් ප්‍රශ්න කර ඇත්තේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අර්ජුන ඇලෝසියස් ඉවත් විය යුතු බවට ඇගමැතිවරයා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට දැනුවත් කළාද? යන්නයි. මේවාට අගමැතිවරයා ලබාදුන් පිළිතුරු සම්බන්ධ වාර්තාව තවම මාධ්‍ය වෙත නිකුත් කර නැත. ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 11.15 ට පමණ එම කොමිසමෙන් පිටතට පැමිණියේය.

මාධ්‍ය අමතා මෙසේ කීවේය.

 කොමිසමේදී අවශ්‍ය දේවල් සියල්ල හෙළි කලා.මමත් අපේ පක්ෂේ සභාපතිතුමාත් ලේකම්වරුත් ඇමතිවරුත් කිසිම බයක් නැතිව ඉදිරිපත් වුණා. අපි යහපාලනය ඉදිරයට ගෙනියනවා.මෙතන හංගගන්න දෙයක් නෑ. වැරදි වෙන්න පුළුවන් අඩුපාඩු වෙන්න තියනවා.ඒත් අපි යහපාලනය ඉදිරියට ගෙනියනවා. අගමැතිවරයාගේ සහායට පැමිණි මැතිඇමතිවරු 32ක් පමණද එම අවස්ථාවේ පිටව ගියහ.

No comments:

Post a Comment

Post Bottom Ad