කොටි මහවිරු සතිය සැමරීම යාපනය සරසවියෙන් ඇරඹේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 22, 2017

කොටි මහවිරු සතිය සැමරීම යාපනය සරසවියෙන් ඇරඹේ..

නොවැම්බර් 27 වැනිදාට යෙදෙන මහවිරු දිනයට සමගාමීව මහවිරු සතිය ඊයේ (21) සිට ආරම්භ වන හෙයින් යාපනය සරසවියේ ඇතුලු උතුරු පලාතෙ ස්ථාන කිහිපයකදී මහවිරු සතිය ආරම්භ කොට ඇත.

මේ අනුව ඊයේ රත්‍රිෙය් යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිරිපට මහවිරු දිනය වෙනුවෙන් ප්‍රතිමාවක් සකස් කොඩි වැල් ඇද කොට එය විදුලි පහනකින් දල්වා මහවිරු සතිය ආරම්භ කිරීමට එහි සිසුන් පිරිසක් විසින් පියවර ගෙන තිබුණි.

මේ අතර වන්නි විලාන්කුලම් ප්‍රදේශයේදී පෙර මහවිරු සොහොනක් තිබූ ස්ථානයේ මල්පහන් දැල්වීමට මිය ගිය මහවිරුවන්ගේ ඥාතීන් විසින් පියවර ගෙන තිබුණි. 1982 වසරේ නොවැම්බර් 27 වනදා කොටි සංවිධානයේ ප්‍රථම සාමාජිකයා වූ කර්නල් එස්. ශංකර් නැමත්තෙකු මිය යාම මූලික කොට ගෙන මෙම මහ විරු දිනය හා සතිය නම් කොට තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad