දීපිකාගේ හිස ගසා දැම්මොත් කෝටි 100ක තෑග්ගක් දෙන බවට මෝදිගේ පක්ෂයේ ප්‍රභලයෙකුගෙන් ප්‍රකාශයක්..! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 22, 2017

දීපිකාගේ හිස ගසා දැම්මොත් කෝටි 100ක තෑග්ගක් දෙන බවට මෝදිගේ පක්ෂයේ ප්‍රභලයෙකුගෙන් ප්‍රකාශයක්..!

බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ගේ හිස සා දමන අයකුට තමන් ඉන්දීය රුපියල් කෝටි 100 ක තෑග්ගක් දෙනවා යැයි ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ හින්දු ජාතිකවාදී නායකයෙක් ප්‍රකාශයක් කර තිබෙනවා. මෙසේ පවසා ඇත්තේ භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන ඉන්දියාවේ හර්යානා ප්‍රාන්ත නායක සුරාජ් පාල් අමූයි.

ඔහු දීපිකා සම්බන්ධයෙන් මෙසේ විරෝධයක් පළකර ඇත්තේ ඇය ප්‍රධාන චරිත නිරූපණය කරන, දෙසැම්බර් 01 වැනිදා සිට තිරගතවීමට නියමිත ‘පද්මාවතී’ චිත්‍රපටය මුල්කොට ගනිමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ‘පද්මාවතී’ ලෙස රංගනයෙන් දායක වන දීපිකාට පමණක් නොව, චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සන්ජේ ලීලා බන්සාලිට ද මේ  වනවිට ඉන්දියාවේ හින්දු ජාතිකවාදීන්ගෙන් විරෝධය එල්ල වෙමින් පවතින බව වාර්තා වනවා.

පද්මාවතී චිත්‍රපටය ඉතිහාස කතාවකි පද්මාවතී යනු මුස්ලිම් පාලකයකු සමඟ විවාහ වන හින්දු රැජිණිකි. හින්දු ජාතිකවාදීන් ප්‍රකෝප කිරීමට පද්මාවතී චිත්‍රපටය හේතුවෙක් වී ඇත්තේ එහෙයිනි. චිත්‍රපටය තිරගත කිරීම වැළැක්වීමට ද හින්දු ජාතිකවාදීන් උත්සාහ ගන්නා බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබෙනවා. මේ අතර පූනේ අධිකරණයක් මේ වනවිටත් ප්‍රාන්ත සිනමා ශාලාවල ‘පද්මාවතී’ තිරගත කිරීම තහනම් කිරීමට වාරණ නියෝගයක් නිකුත් කර ඇති බව ද සඳහන්.

NDTV

No comments:

Post a Comment

Post Bottom Ad