ශ්‍රී ලංකාව යළිත් ලෝකයේ අංක 01ට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 24, 2017

ශ්‍රී ලංකාව යළිත් ලෝකයේ අංක 01ට

පුද්ගලයින් සියදිවි නසාගැනීමේ අනුපාතය අනුව ශ‍්‍රී ලංකාව නැවත වරක් ලෝකයේ අංක 01 ස්ථානයට ශ්‍රේණිගත වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවලට අනුව ශ‍්‍රී ලංකාවේ පුද්ගලයින් සියදිවි නසාගැනීමේ අනුපාතය ලක්ෂයකට 34.6ක්.

ලිංගිකත්වය අනුව සැලකීමේදී වැඩිවශයෙන්ම සියදිවි නසාගෙන ඇත්තේ
පිරිමින්. ශ‍්‍රී ලංකාවේ පිරිමි ලක්ෂයකටම ආසන්න වශයෙන් 59 දෙනෙකු සියදිවි නසා ගන්නා බව වාර්තාවල දැක්වෙනවා. ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් සියදිවි නසා ගැනීමේ අනුපාතය ලක්ෂයකට 13.3ක්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම වාර්තාවලට අනුව පුද්ගලයින් සියදිවි නසා ගැනීමේ අනුපාතයෙන් දෙවන තැන පසුවන්නේ ගයානාවයි. මොන්ගෝලියාව 03 වන ස්ථානයේ පසුවනවා. මේ අතර පුද්ගලයින් සියදිවි නසා ගැනීමට පෙලඹෙන්නේ දරා ගැනීමේ ශක්තිය හීනවීම නිසා බවයි පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ. දරුවන් විභාග ජය ගැනීමට සූදානම් කිරීමට පමණක් සීමා නොවී ඔවුන්ගේ දරා ගැනීමේ ශක්තිය දැඩි කිරීමට ද සියලූ පාර්ශව උනන්දු විය යුතු බවයි මානව හැකියා සංවර්ධන පුහුණුකරු සනත් ගමගේ පවසන්නේ.



No comments:

Post a Comment

Post Bottom Ad