පසුගිය බ්‍රහස්පතින්දා සවස ජනපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන හා දිස්ත්‍රික් සංවිධායක ධුර පත්වීමි ප්‍රදානය කිරීමේ උත්සවයේදී
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අත්තනගල්ල ආසන සංවිධායක ධුරයට පත්කිරීම ශ්‍රීලනිපය තුළ යළි ආන්දෝලනයක් මතු කර තිබේ.
චන්ද්‍රිකා අත්තනගල්ල ආසන සංවිධායක ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් අතර මෙයට පෙර සාකච්ඡාවක් සිදුව තිබුණේ නැත. ඒ නිසා චන්ද්‍රිකා පත්කළ පුවත ශ්‍රීලනිපය කැලඹීමට හේතුවක් විය. " දුමින්දගෙන් තමයි අහන්න ඕන" ශ්‍රීලනිප ප්‍රබලයෙකු මෙම පත්කිරීම සම්බන්ධව මාධ්‍යයට පිළිතුරු දුන්නේ එලෙසය.
මේ කතාබහ නිසා කලක් විමුක්ති කුමාරතුංග දේශපාලනයට එන බවට වූ කතාබහටද නව පණක් ලැබී තිබේ. චන්ද්‍රිකා අත්තනගල්ල ආසන සංවිධායක ධූරයට පත්කිරිම සමිබන්ධයෙන් මෙයට පෙර සාකච්ඡාවක් නොතිබුණු බවත් ඒ ගැන තමන් නොදන්නා බවත් එජනිස මහ ලේකම් මහින්ද අමරවීර රාජ්‍ය ඔත්තුසේවයට කීවේය. තවත් සමහරෙක් මේ ගැන කතා කළේ චන්ද්‍රිකා යළි පටන්ගත් තැන වූ බස්නාහිර මහ ඇමැති අපේක්‍ෂක ධූරයට පැමිණිය හැකි බවයි.
මෙම නව ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ඇරඹී ඇත්තේ ජනවාරි මාසයේ පැවැත්වෙන පළාත් පාලන ඡන්දය ඉලක්ක කරගෙනය. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්‍ෂය සමඟ කටයුතු කරන මහින්දානන්ද අලුත්ගමගේ කුමාර වේල්ගම, පියරකර ජයරත්නට ඔවුන්ගේ ආසන සංවිධායක ධුර අහිමි කිරිමත් විශේෂිතය.
Tuesday, October 17, 2017
චන්ද්‍රිකා නැවත එන්නේ විමුක්තිට පාර කපන්නද? යළි කොළඹ මහඇමතිනිය වෙන්නද?
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment