බිල්ඩිම බිමට සමතලා කරනවා..මරනවා.. ප‍්‍රසිද්ද නළුවෙක් ආයතනයකට කඩා පැන පහර දි යකා නටයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 17, 2017

බිල්ඩිම බිමට සමතලා කරනවා..මරනවා.. ප‍්‍රසිද්ද නළුවෙක් ආයතනයකට කඩා පැන පහර දි යකා නටයි..

කුලී රථ සේවා සපයන ආයතනයක නුගේගොඩ පිහිටා ඇති ප‍්‍රධාන කාර්යාලයට 15 දා රාත‍්‍රියේ කඩා වැදී ඇති මෙරට ප‍්‍රසිද්ධ රංගන ශිල්පියෙක් එහි ආරක්‍ෂක නිලධාරීන්ට පහර දි තර්ජනය කර ඇත.

තම ගමනක් යාම සදහා කුලී රථයක් එවන ලෙස ආයතනයට දැන්වුවත් එම ආයතනයෙන් පසුව දන්වා ඇත්තේ වාහනයක් සැපයීමේ අපහසුවක් ඇති නිසා වෙනත් වාහනයක් සපයා ගන්නා ලෙසයි. මේ හේතුවෙන් කෝපයට පත් රංගන ශිල්පියා එම ආයනනයට කඩා වැදී ආරක්‍ෂක නිලධාරීන්ට පහර දී තිබේ.

තමන් මෙරට ප‍්‍රසිද්ධ පුද්ගලයෙකු බවත් ආයතනය බිමට සමතලා කරන බවත් පවසමින් ඔහු මෙසේ පහර දී ඇත. මේ සිදුවීම ගැන අදාල කුලී රථ ආයතනය විසින් කිරුළුපන පොලීසියට පැමිණිලි කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad