හිටපු අගවිනිසුරුට හිටපු ජනාධිපති ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කලායැයි චෝදනා! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 24, 2017

හිටපු අගවිනිසුරුට හිටපු ජනාධිපති ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කලායැයි චෝදනා!


හිටපු නීතිපතිවරයකු සහ හිටපු අගවිනිසුරුවරයකු වන මොහාන් පීරිස්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයා වෙත පැමිණිල්ලක් කිරීමට ලංකාවේ ප්‍රවීණ ම නීතීඥවරුන් පිරිසක් සූදානම් වන බව වාර්තා වේ. මොහාන් පීරිස් විසින් සිය නිල ධුරයන් අවභාවිතා කරමින් සැකකරුවන්ට අයුතු ලාභ ප්‍රයෝජන ලබා දීම පිළිබඳව මෙසේ පැමිණිලි කිරීමට නියමිතය. මෙම පැමිණිල්ල සම්බන්ධ මූලික ම කරුණ වන්නේ හිටපු ජනාධිප මහින්ද රාජපක්ෂ ඝාතනය සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ එක්ව කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුව නිදහස් කිරීමේ සිදුවීමයි. 

ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ එක්ව හිටපු ජනාධිපතිවරයාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන පනතේ 127 වන වගන්තිය යටතේ සැකකරුවන් තිදෙනෙකු විසින් කරන ලද පාපොච්චාරණ නොසලකා හරිමින් සහ රහස් පොලිසිය විසින් සොයාගත් ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කටහඬ රැගත් හඬපට නොසලකා හරිමින් මොහාන් පීරිස් නීතිපතිවරයා ප්‍රමාණවත් සාක්ෂි නැතැයි පවසා ඔහුට එරෙහිව නඩු පැවරීම අත්හරින ලදී.

මෙය තදබල ලෙස ආචාරධර්ම උල්ලංඝනය කිරීමකි. එසේම තදබල ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයුතු ප්‍රයෝජන ලබා දීමකි. හිටපු නීතිපතිවරයා විසින් නඩු පැවරීම අත්හැර දමන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දුට අධි චෝදනා පත්‍ර එකක් නොව දෙකක් ලබා දීමට තරම් කරුණු තිබියදීය. ජොන්ස්ටන්ට එරෙහි එම චෝදනාව පිළිබඳව නැවත විමර්ශන ඇරඹීමට නම් මොහාන් පීරිස් පිළිබඳව පැමිණිල්ල විභාග විය යුතුය.

එසේම මෙම මොහාන් පීරිස් කොතරම් නීච, නින්දිත පුද්ගලයකුද යත් 2015 ජනවාරි 08 වනදායින් පසුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තමන්ට දිගට ම අගවිනිසුරු තනතුරේ රැදී සිටින්නට ඉඩ දෙන ලෙසත් ඕනෑම නඩු තීන්දුවක් ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට ලබා දීමට තමන් සූදානම් බවත් ප්‍රකාශ කර තිබේ. මීට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාක්ෂිය. කෙසේවෙතත් ජනාධිපතිවරයා මොහාන් පීරිස්ගේ ඉල්ලීම තුට්ටුවකට මායිම් කළේ නැත. මොහාන් පීරිස්ගේ එම ප්‍රකාශය පිළිබඳව ජනාධිපතිවරයාගේ දිවුරුම් ප්‍රකාශයක් ලබා ගැනීමට ද අප පෙරකී නීතීඥ කණ්ඩායම සූදානමින් සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad