ශ්‍රී ලංකාව උතුරු කොරියාවට සම්බාධක පනවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 9, 2017

ශ්‍රී ලංකාව උතුරු කොරියාවට සම්බාධක පනවයි


එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට පැනවූ සම්බාධක
ක්‍රියාත්මක කිරීමට අදාළ වූ ගැසට් නිවේදනය නිකුත් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශිකා මහිෂිනි කොලොන්නේ මෙනෙවිය  පැවසුවාය.

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ අස්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය ඉකුත් සතියේ නිකුත් කර ඇති බවද ඇය පැවසුවාය. න්‍යෂ්ටික, රසායනික සහ ජෛව අවි ප්‍රගුණය කිරීම සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවකට අනුව රජය මෙම පියවර ගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad