සිසුවියක නිරුවත්කර අමුතු පාඩමක් කියාදුන් මාස්ටර් ..! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 10, 2017

සිසුවියක නිරුවත්කර අමුතු පාඩමක් කියාදුන් මාස්ටර් ..!

කරාටේ පුහුණුවට ගිය පහලොස් හැවිරිදි පාසල් සිසුවියක නිරුවත් කොට ලිංගික අතවරයක් කළැයි කියන සිද්ධියක් මත පරීක්ෂණය පැවැත්වූ බද්දේගම පොලීසිය කරාටේ මාස්ටර්වරයෙකු අත්අංඩගුවට ගෙන ඇත.

කරාටේ පන්තිය නොපැවැත්වෙන දිනක කරාටේ මාස්ටර්ගේ දැනුම් දීම මත සිසුවිය පුහුණුව සඳහා පැමිණ ඇතැයිද එහිදී සිසුවිය නිරුවත් කොට අතවර කරන්නට උත්සහ ගෙන ඇතැයිද සිසුවියට පැමිණිලි කරමින් කියා තිබේ. මෙම සිද්ධිය කිසිවෙකුට හෝ කියා තිබුණොත් මරා දමන බවට මාස්ටර්වරයා සිසුවියට තර්ජනය කර ඇති බැවින් බියට පත්වූ දැරිය මේ බව දිනපොතේ සටහන් කර ඇත.

දිනපොතේ සටහන දුටු මව කළ විමසීමේදී සියල්ල හෙළිකර ඇති දැරිය මව්පියන් සමග ගොස් පොලීසියට පැමිණිලි කොට ඇත. සැකකාර කරාටේ මාස්ටර්වරයා නීතිඥයෙකු මාර්ගයෙන් පොලීසියට භාරවී ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියිමිතය. මේ පිළිබඳව බද්දේගම පොලිස් ස්ථානාධිපතිවාරයාගෙන් විමසීමේදී ළමා අපචාර සම්බන්ධයෙන් මාධ්‍යයට කිසිවක් ප්‍රකාශ කිරීමට හැකියාවක් නොමැති බව පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad