වැරදිලා ගිණුමට ආපු රුපියල් ලක්ෂ 24 ක් නැවත හිමිකරුවන්ටම දුන් උතුම් මවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 17, 2017

වැරදිලා ගිණුමට ආපු රුපියල් ලක්ෂ 24 ක් නැවත හිමිකරුවන්ටම දුන් උතුම් මවක්

අපේ රටේ මූල්‍ය වංචා දූෂණ ගැන නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙනවා. ඒ අතර තමන්ගේ බැංකු ගිණුමට අහඹු ලෙස එකතු වූ රුපියල් ලක්ෂ 24 ක මුදල නැවත ලබා දීමට කටයුතු කල කාන්තාවක් පිළිබඳව වාර්තා වෙනවා.

එස්. ඒ. ප්‍රේමලතා වන ඇය අංක 69 තෝමස් චොංගම මුල්ලේරියාව අංගොඩ යන ලිපිනයේ පදිංචි තිදරු මවක්. එසේම ඇය අවුරුදු 40 ක් පමණ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාන්තා නියාමකවරියක ලෙසද කටයුතු කර තිබෙනවා. තම බැංකු ගිණුමට නොසිතූ මොහොතක එකතු වුන මෙම මුදල පිළිබඳව ඇය දැනුවත් වී ඇත්තේ තම දුරකතනයට ලැබුණු කෙටි පණිවිඩයක් මගින්. එසේම මින් පෙරද තවත් ලක්ෂ 12 ක මුදලක් තම බැංකු ගිණුමට එකතු වී ඇති බව ඇය සඳහන් කරනවා.

පසුව ඇය මේ පිළිබඳව විමසීමට බැංකුවට යාමට සූදානම් වන අවස්තාවේදී තම බැංකු ගිණුමට තවත් ලක්ෂ 12 ක් බැරවී තිබෙනවා. පසුව බැංකුවට පැමිණි ඇය එහි කළමණාකරු හමුවී තම බැංකු ගිණුමේ ශේෂය පිළිබඳව විමසා ඇති අතර එහිදී රුපියල් ලක්ෂ 24 ක මුදලක් බැර වී ඇති බව දැනගන්නට ලැබී ඇත. එම මුදල් නැවත ලබාගන්නවාදැයි කළමණාකරු විසින් ඇයගෙන් විමසූ විට එම මුදල් තමාගේ නොවන බවත් මාස කිහිපයක සිට අවස්තා දෙකකදී රුපියල් ලක්ෂ 12 බැගින් එකතු වී ඇති බවත් ඇය සඳහන් කරනවා. 

එසේම මෙම මුදල් තමාගේ ගිණුමට එකතු වූ ආකාරය පිළිබඳව සොයා ගැනීමට තමන් පැමිණි බවත් ඇය පවසා තිබෙනවා. පසුව බැංකුවේ මුදල් අයකැමි අංශයේ නිලධාරිණියක් කැඳවා ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ වෙනත් පුද්ගලයන්ට බැර කළ යුතු මුදල් ඇයගේ ගිණුමට බැර වී ඇති බවයි. ඇය බැංකුවට පැමිණ විමසන තුරු මේ පිළිබඳව බැංකු නිළධාරීන් දැනුවත් වී නොසිටීමද විශේෂත්වයක්. මුදල් පසුපස හඹායන කාලයක මෙවැන් උතුම් ක්‍රියාවක් කිරීම සම්බන්ධයෙන් බොරැල්ල ලංකා බැංකු ශාඛාවේ කළමනාකරු විසින් ඇගයීම් ලිපියක්ද ලබාදී තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad