1963 කෙනෙඩි ඝාතනයේ රහස් හෙළි කරන්න ට්‍රම්ප් සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 22, 2017

1963 කෙනෙඩි ඝාතනයේ රහස් හෙළි කරන්න ට්‍රම්ප් සූදානම්

ඇමරිකාවේ හිටපු ජනපතිවරයෙකු වූ ජෝන් එෆ් කෙනඩි ඝාතනයට අදාළ දහස් ගණන් වර්ගීකරන ලිපි ඉදිරි සතිය තුළ නිදහස් කරන්නට වත්මන් ජනපති ට්‍රම්ප් තීරණය කර තිබේ. එක්සත් ජනපද ජනාධිපති 1963දී වෙඩි තුවක්කුකරුවෙකු ලී හාවි ඔස්වල්ඩ් ගේ වෙඩි ප්‍රහාර නිසා ජීවිතක්ෂයට පත් විය. එය ඇමරිකානු ඉතිහාසයේ ආන්දෝලනාත්මක සිදුවීමකි. මෙම ඝාතනය කිරීම පිළිබඳව පොත් දහස් ගණනක්, රූපවාහිනී නාට්‍ය සහ චිත්‍රපටි ද රාශියක් නිපදවා තිබේ.

එනමුත් ඊට අදාළ සීඅයිඒ පරීක්ෂණ ගොනු මාධ්‍ය වෙත සම්පූර්ණයෙන්ම මුදාහැර නොතිබි නිසා ඔස්වල්ඩ් මෙය තනිව මෙහෙයවූවක් නොවන බවට ඇමරිකාවේ ඇතැමුන් තුළ තවමත් කුකුසක් හටගෙන තිබේ. මෙම සැකය නිරාකරණය පහසු වනු පිනිස ඒ ලිපිගොනු මුදාහැරීම අවශ්‍ය බවත් හිටපු නායකයාට සිදුවූ දේ ජනතාව දැනගත යුතු බවත් ට්‍රම්ප් පවසා තිබේ.‍ වොෂින්ටන් පෝස්ට් පුවත්පත සඳහන් කරන්නේ කෙනඩි ඝාතනය ගැන අදහස් පළකරන විශේෂඥයින් පවසන පරිදි අවසාන රහස් ලිපි වල කරුණු නිසා විශේෂ දෙයක් හෙළිදරව් නොකරනු ඇති බවයි.

එහෙත් 1963 සැප්තැම්බරයේදී ඔස්වල්ගේ රුසියානු සංචාරය ගැන හා කියුබානු හා සෝවියට් ඔත්තුකාරයින් සමඟ ඔහු තුළ තිබූ සබඳතා ගැන මෙම ලිපි ලේඛන මගින් හෙලිදරව් වීම ට්‍රම්ප් කිසියම් දේශපාලන අරමුණකින් සිදු කරන්නක් බවට මත පළව තිබේ.

කෙනඩි ඝාතන අවස්ථාවේ පැරණි වීඩියෝව පහතින්,



No comments:

Post a Comment

Post Bottom Ad